IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය: රජයෙන් තවමත් ප්‍රතිපත්තිමය තීරණයක් නෑ : මුදල් අමාත්‍යාංශය

 

  • ව්‍යාපෘති නවතා    දැමුණේ 2021 දී
  • ව්‍යාපෘතිය නැවත ඇරඹීමට පෙර ජපන් රජය සමග නැවත සාකච්ඡා කළයුතුයි

විමුක්ති එස් රුද්‍රිගු


ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මූල්‍ය සහාය යටතේ ක්‍රියත්මකවීමට නියමිතව තිබූ කොළඹ සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය (එල්.ආර්.ටී) සම්බන්ධයෙන් රජය තවමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එම්.එස්.පී.එස්. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයකට එළැඹීමට පෙර ජපාන රජය සමග එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැවත සාකච්ඡාවක් පැවැත්විය යුතු බවයි. ශ්‍රී ලංකා රජය, ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේය.

පසුගිය යහපාලන රජය කොළඹ සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය බලයට පත්වූ පසු එම ව්‍යාපෘතිය අවලංගු කරනු ලැබුවේය. 2021 වසරේ එම ව්‍යාපෘතිය අවලංගු කරන අවස්ථාවේ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය එහි ප්‍රධාන අරමුදල් සැපයුම්කරු විය.

ආර්ථික අර්බුදයෙන් පසුව නැවත ආරම්භ කරන ව්‍යාපෘති 11 යටතට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් වටිනා සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතියද ගතහැකි බව පසුගිය වසරේදී ජපානය නිවේදනය කළේය.

පසුගියදා අත්සන් තැබූ සංශෝධිත ණය ගිවිසුම යටතේ මෙරට ජපාන ණය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක් පමණ ප්‍රතිව්‍යුහගත කළ අතර ඒ සමග ජපානය සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය නිල වශයෙන් අවසන් විය. ඒ පිළිබඳ අදහස් දක්වමින් මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමටා මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය අතර තිබෙන මෙන්ම ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය අතර තිබෙන ණයෙන් කොටසක් මෙම සංශෝධිත ණය ගිවිසුම ප්‍රතිව්‍යුහගතකරණය වූ බවයි.

ඒ අනුව මෙරට ආර්ථිකය නගා සිටුවීම සඳහා ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිවල ශ්‍රී ලංකාව ගෙවීමට තිබූ ණය නැවත ගෙවීමේ කොන්දේසි අලු‍ත් වූ බවද ඔහු පැවැසුවේය. මෙරට නිල ණය හිමියන්ගේ කමිටුවේ සිටින රටක් සමග ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අත්සන් තැබූ පළමු අවස්ථාව මෙය බවද ඔහු ප්‍රකාශ කළේය.

එහිදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන රජය වෙනුවෙන් මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමටා මහතා හුවමාරු පත්‍ර අත්සන් කරන ලදි.  



අදහස් (0)

සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය: රජයෙන් තවමත් ප්‍රතිපත්තිමය තීරණයක් නෑ : මුදල් අමාත්‍යාංශය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site