IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ස්විස්ටෙක් ඇලු‍මිනියම් ආයතනයෙන් විශ්වාසදායී සූර්ය පැනල සවි කිරීමේ ව්‍යුහයක්

ශ්‍රී ලංකාවට 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක කරා ළඟා වීමට සහාය වීමේ පියවරක් වශයෙන් ස්විස්ටෙක් ඇලු‍මිනියම් ආයතනය, සූර්ය පැනල සවි කිරීමේ නවීනතම ව්‍යුහයක් (Solar Mounting System)  හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. එම සවි කිරීමේ ව්‍යුහය, වෙරළබඩ ආර්ද්‍රතාවේ සිට තද සුළං කලාප පවතින මෙරට අභියෝගාත්මක කාලගුණික තත්වයන්ට ඔරොත්තුදීමට හැකි වන පරිදි නිර්මාණය කර තිබීම සුවිශේෂීය.
ශ්‍රී ලංකාව සුනිත්‍ය බලශක්ති අනාගතයක් කරා ගමන් කරමින් සිටින මොහොතක සුරක්ෂිත සහ විශ්වාසදායක සූර්ය පැනල සවි කිරීමේ ව්‍යුහයක් හඳුන්වා දෙමින්, එම දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා ස්විස්ටෙක් ඇලු‍මිනියම් ආයතනය කැපවීමෙන් කටයුතු කරනු ඇත.
ස්විස්ටෙක් ඇලු‍මිනියම් හි සූර්ය පැනල සවිකිරීමේ ව්‍යුහය, මල බැඳීමට ඔරොත්තු දෙන උසස් තත්වයේ ඇලු‍මිනියම්වලින් නිමවා ඇති අතර, ඒවා ඇස්බැස්ටෝස්/ සිමෙන්ති තහඩු, රැළි සහිත වානේ තහඩු සහ උළු වහලවලින් සමන්විත නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සඳහා වඩාත් යෝග්‍ය වන පරිදි සකස් කර තිබේ. ශක්තිමත්භාවයට හානියක් නොවන පරිදි සැහැල්ලු‍ ලෙස නිර්මාණය කර ඇති මෙම ව්‍යුහ පහසුවෙන් සහ කාර්යක්ෂම සවි කළ හැකි අතර, භූගත කිරීමේ සහ අකුණු ආරක්ෂණ විශේෂාංග ද ඇතුළත් වන හෙයින් පූර්ණ අනුකූලතාවකින් යුතුව ආරක්ෂාව සහතික කරනු ලබයි. 
‘‘‍පාරිභෝගිකයන් බොහෝ වෙලාවට සූර්ය පැනල සහ ඉන්වර්ටර්වලට ප්‍රමුඛ අවධානයක් ලබා දීමට කටයුතු කරන නමුත්, සවි කිරීමේ ව්‍යුහයත් ඒ හා සමානව වැදගත් වන බව අමතක කරනවා. අපගේ මෙම සැකසුම් ව්‍යුහය, ශ්‍රී ලංකාවේ දුෂ්කරතම දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර ඇති අතරම, වසර 10ක වගකීමක් සමගින් දැඩි සුළං ප්‍රතිරෝධයක් හමුවේ වුවද ඕනෑම වහලයකට ගැළපෙන අයුරින් සකස් කර තිබෙනවා. වසර 25ක පමණ කාලයක් භාවිත කළ හැකිය යන විශ්වාසයෙන් සූර්ය පැනල පද්ධතියකට ආයෝජනය කරන විට, සවි කිරීමේ ව්‍යුහයේ කල්පැවැත්ම සහ ආරක්ෂාව පිළිබඳවත් පාරිභෝගිකයන් සැලකිලිමත් වීම අනිවාර්යයි. එසේ නොවුණහොත් වැරදි තෝරා ගැනීම් හමුවේ වහල කාන්දු වීම්, හානි සිදුවීම් හෝ සූර්ය පැනල පද්ධතිය පවා අක්‍රීය විය හැකියි’’ යනුවෙන් ස්විස්ටෙක් ඇලු‍මිනියම් හි ප්‍රධාන විධායක නිලධාරී 
තිලාන් ධර්මරත්න මහතා සඳහන් කළේ ය.



අදහස් (0)

ස්විස්ටෙක් ඇලු‍මිනියම් ආයතනයෙන් විශ්වාසදායී සූර්ය පැනල සවි කිරීමේ ව්‍යුහයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site