ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රීක් 306 ඒ2 කලම්බු මීඩියා සර්කල් සිංහ සමාජය හ ක්වන්ටම් ක්ලෝතින් ලංකා ආයතනය එක්ව සංවිධාන කළ‘සුව අසපුව‘ වෛද්‍ය සායනය සහ සමාජ සත්කාරක සේවාව
මොරගහහේන ක්වන්ටම් ක්ලෝතින් ලංකා ආයතන පරිශ්‍ර යේ දී පැවැත්විණි
. ක්වන්ටම් ක්ලෝතින් ලංකා ආයතනයේ සේවක සේවිකාවෝ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ 3000 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.
දන්ත , අක්ෂි , මාතෘ , සායනය, හා විශේෂඥ වෛද්‍ය සායන සහ බෝවන රෝග, බෝනොවන රෝග පිළිබද දැනුවත් කිරීම, පිළිකා කලින් හදුනාගන්නා ආකාරය පිළිබද දැනුවත් කිරීම මෙම ව්‍යාපෘතියේ දී සිදු කැරිණ.
මානසික ආතතියෙන් මිදීම සදහා යෝගි ව්‍යායාම හදුන්වාදීම ද, කොණ්ඩා කැපීම සහ රූපලාවන්‍ය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ඊට ඇතුළත්
විය. ජාතික හැදුනුම්පත් සැකසීමේ ජංගම සේවාවක් ද
කළම්බු මීඩියා සර්කල් සිංහ සමාජය, දම්පේ, බොරලැස්ගමුව මෙට්‍රො, මහවිල - අලුබෝමුල්ල, කටුවාවල සහ ඇරැව්වල යන සිංහ සමාජ සේවා සැපයීමෙන් හා වැඩසටහන මෙහෙයවීමෙන් දායකත්වය දුන්නේය
සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝවන රෝග ඒකකය, කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය, හොරණ මූලික රෝහල, මහරගම දන්ත වෛද්‍ය ඒකකය, හොරණ මූලික රෝහල සහ සර්වෝදය විශ්ව නිකේතනයේ මාතෘ සායන ඒකකය සම්පත් සැපයූ ආයතන වේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සුව අසපුවෙන් තුන් දාහකට සෙත