IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සෙලින්කෝ ලයිෆ් වාර්ෂික වාරික ආදායම රුපියල් බිලියන 37.14 ක්

  • වෙළෙඳ පොළ නායකත්වයේ දශක තුනක්
  • ශ්‍රිී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණය ලෙස ස්ථානය රඳවාගනියි

සෙලින්කෝ ලයිෆ් සමාගම 2024 දී රුපියල් බිලියන 37.14 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 65.54 ක මුළු ආදායමක් වාර්තා කර ඇති අතර එයින් සමාගමේ අඛණ්ඩ වෙළෙඳපොළ නායකත්වයේ 21 වැනි වසර සනිටුහන් කර ඇත.
2024 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වන මාස 12 සඳහා සමාගමේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන වලට අනුව, වාරික ආදායම සියයට 11.16 කින් ශක්තිමත් ලෙස වර්ධනය වූ අතර සියයට 1.5 ක වර්ධනයක් පෙන්නුම් කරමින් ආයෝජන ආදායම රුපියල් බිලියන 28.4 ක් විය. එමඟින් වසර සඳහා ඒකාබද්ධ ආදායම සියයට 6.7 කින් වර්ධනය වී ඇත.
දළ ලිඛිත වාරික ආදායමෙන් නියෝජනය වන ජීවිත රක්ෂණ ව්‍යාපාරයේ වර්ධනයට අනුව, දෙවන ස්ථානයේ සිටින ජීවිත රක්ෂණ සමාගමට වඩා රුපියල් බිලියන 5.5 කට වඩා වැඩි පරතරයකින් සෙලින්කෝ ලයිෆ් සමාගම 2024 දී ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂකයා ලෙස සිය ස්ථානය රඳවා ගත් බව සනාථ වෙයි.
සෙලින්කෝ ලයිෆ් හි විධායක සභාපති ආර්.රෙන්ගනාදන් මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ අපගේ වෙළෙඳපොළ නායකත්වයේ තුන්වැනි දශකයේ පළමු වසර අපි දැන් සම්පූර්ණ කර ඇත්තෙමු, අප රැකවරණය සලසන සහ අප හා සම්බන්ධ වන්නා වූ මිලියන සංඛ්‍යාත ජීවිතවල නොමඳ විශ්වාසයට ස්තූතිවන්ත වෙමු. සෙලින්කෝ ලයිෆ් හි මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය, ව්‍යාපාරයේ මූලික වටිනාකම් සහ මූලධර්ම පිළිපැදීමත්, ප්‍රජාව කෙරෙහි එහි ගැඹුරින් මුල් බැසගත් කැපවීමත්, සමාගමේ වර්ධනයේ සහ ප්‍රගතියේ අඩිතාලම වන්නේය.”  
සමාලෝචනයට භාජන වන වසර තුළ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට රුපියල් බිලියන 25 ක ශුද්ධ හිමිකම් සහ ප්‍රතිලාභ ගෙවීම පෙර වසරට සාපේක්ෂව සියයට 8.2 ක වැඩිවීමක් වන අතර රුපියල් බිලියන 23 ක් සමාගම් ජීවිත අරමුදලට බැර කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, 2024 දෙසැම්බර් 31 වන දිනට සැලකිය යුතු ලෙස ජීවිත අරමුදල සියයට 14.8 කින් රුපියල් බිලියන 180.89 ක් ලෙස වර්ධනය වී ඇත.
2024 වසර අවසන් වන විට සමාගමේ මුළු වත්කම් රුපියල් බිලියන 250 (රුපියල් බිලියන 251.43) ක සන්ධිස්ථානය පසු කරන ලද්දේ වසර තුළ රුපියල් බිලියන 26.69 කින් හෙවත් සියයට 11.8 කින් වර්ධනයක් සමගය. මෙය රුපියල් බිලියන 2.2 කට වඩා වැඩි මාසික සාමාන්‍යයකි. සමාගමේ ආයෝජන කළඹෙහි වටිනාකම මාස 12 තුළදී සියයට 12.32 කින් වර්ධනය වී 2024 දෙසැම්බර් 31 වන දිනට මුළු මුදල රුපියල් බිලියන 222.5 ක් විය.
2024 මූල්‍ය වර්ෂය සඳහා සමාගමේ බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 10.05 ක් වූ අතර එය පෙර වසරට වඩා සියයට 19.1 ක වැඩිවීමක් වන්නේය. සලකා බලන මාස 12 සඳහා ශුද්ධ ලාභය රුපියල් බිලියන 7.07 ක් වූ අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 21.88 ක වර්ධනය වීමකි.
2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA ) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත. 

 



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් වාර්ෂික වාරික ආදායම රුපියල් බිලියන 37.14 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 207 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site