IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


සෙලින්කෝ ලයිෆ් මිලියන 22.4 ක ප්‍රණාම ශිෂ්‍යත්ව දීමට සැරසෙයි

සෙලින්කෝ ලයිෆ් විසින් දශක දෙකකට වැඩි කාලයකට පෙර දියත් කරන ලද ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහනෙන් ඉහළ දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට 2025 වසරේ ශිෂ්‍යත්ව ලබා දීම සඳහා රුපියල් මිලියන 22.4ක් වෙන් කරන බව නිවේදනය කර ඇත. 
සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහනේ 24 වැනි සංස්කරණය සමඟ අධ්‍යාපන හා විෂය බාහිර විශිෂ්ටත්වය දිරිමත් කිරීම සඳහා සමාගම ආයෝජනය කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 240 ක් වන බවත් ඉන් සිසුන් 3,498 ක සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබා ඇති බවත් සමාගම පැවසීය.  

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය, අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා දස්කම් දැක්වූවන් සහ ක්‍රීඩා, චිත්‍ර, නාට්‍ය, නව නිපැයුම් හෝ නිර්මාණාත්මක ක්ෂේත්‍රවලින් ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා කාණ්ඩ හතරක් ඔස්සේ සිසුන් 160 දෙනකුට මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රණාම ශිෂ්‍යයත්ව පිරිනැමීමට නියමිතය.

මෙම වසරේ ශිෂ්‍යත්ව ලබන්නන් තෝරා ගැනීමේ අරමුණින් 2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දස්කම් දැක්වූ දරුවන්, 2023 වසරේ අ.පො.ස සා.පෙළ හා උ.පෙළ විභාගවලින් දස්කම් දැක්වූවන්, 2023-24 වසරවල විෂය බාහිර ප්‍රයත්නවලින් පිළිගැනීමට ලක් වූ සිසුන් අතරින් සුදුසුකම් ඇති අයගෙන් අයදුම්පත් භාර ගැනීම සෙලින්කෝ ලයිෆ් ආරම්භ කර ඇත. මේ සඳහා අයදුම්පත් භාර ගැනීම 2025 අප්‍රේල් මස 30 වැනි දිනෙන් අවසන් වේ.

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් අතර සෑම දිස්ත්‍රික්කයකම 5 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් දරුවකුට වසර පහක් තුළ රුපියල් 240,000 ක ශිෂ්‍යයත්වයක් හිමිවේ. එසේම, අ.පො.ස සා.පෙළ විභාගයෙන් සෑම දිස්ත්‍රික්කයෙන්ම ප්‍රථම ස්ථානය ලබාගත් දරුවන්ට වසර දෙකකදී රුපියල් 168,000 බැගින් ශිෂ්‍යත්වයක් හිමිවේ. අ.පො.ස උ.පෙළ විභාගයේ විෂය ධාරා අතරින් සෑම දිස්ත්‍රික්කයකම ප්‍රථම ස්ථානය ලබා ගන්නා දරුවන් හතර දෙනාට එක වර ගෙවීමක් ලෙස රුපියල් 120,000 බැගින් ශිෂ්‍යයත්වයක් හිමි වේ.

විෂය බාහිර ක්‍රියාකාරකම්වල විශිෂ්ටත්වය හඳුනාගැනීම වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් විසින් ක්‍රීඩා, චිත්‍ර, නාට්‍ය, නව නිපැයුම් හෝ නිර්මාණාත්මක ක්ෂේත්‍රවල කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති තවත් සිසුන් 10 දෙනකුට කුසලතා සම්මාන ලෙස එක් අයෙකුට රුපියල් 50,000 බැගින් පිරිනැමීමට නියමිය.



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් මිලියන 22.4 ක ප්‍රණාම ශිෂ්‍යත්ව දීමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 228 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 751 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site