සෙලින්කෝ ලයිෆ් සමාගම රුපියල් බිලියන 6ක වාර්ෂික බෝනස් මුදලක් සමාගමේ රක්‍ෂණ ඔප්පු හිමියන් 197,131 වෙත පිරිනමා ඇති බවත් එයට සමාගමේ 35 වැනි සංවත්සරය නිමිත්තෙන් එක් වරක් පමණක් පිරිනමනු ලබන විශේෂ බෝනස් මුදල් ප්‍රදානය ද අයත් බවත් එම සමාගම සඳහන් කරයි.
2021 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.7ක හෙවත් සියයට 37.27ක විශාල වර්ධනයක් නියෝජනය කරන ප්‍රකාශිත ප්‍රසාද දීමනා ගෙවීම මගින්, සමාගමේ මුල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය පිළිබිඹු වන බැව් සමාගම කියයි. එසේම සෙලින්කෝ ලයිෆ් හි සාර්ථකත්වයෙන් ඔප්පුහිමියන් ප්‍රතිලාභ ලබාගැනීම පිළිබඳව තවත් උදාහරණයක්ද මෙමගින් නියෝජනය කරන බව, 2022 දී සිය වෙළෙඳපොළ නායකත්වයේ අඛණ්ඩ 19 වැනි වසර සැමරූ බවද සමාගම පවසයි.
‘මෙවැනි අභියෝගාත්මක කාලවලදී අපගේ ප්‍රසාද දීමනා සැලකිය යුතු ලෙස වැඩි කිරීමට අපට ඇති හැකියාව, සමාගමේ ආයෝජන කළමනාකරණ විශේෂඥතාවේ ගැඹුර අවධාරණය කරන අතර, දැනට සිටින සහ අනාගත ගනුදෙනුකරුවන්ට සැලකිය යුතු විශ්වාසයක්ද ඇති කරයි,’ යනුවෙන් සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා ප්‍රකාශ කළේය. එසේම මෙම ප්‍රසාද දීමනා රක්‍ෂණ ඔප්පුහිමියන්ට හිමිකම් පෑමකදී ඔවුන්ගේ ජීවිත ආවරණය වැඩි කිරීමෙන් අමතර ආරක්‍ෂාවක්ද සපයන බැව්, රණසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
තිරසාර බව ප්‍රවර්ධනය කිරීමට සහ කඩදාසි නාස්තිය අවම කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් විසින් 35වැනි සංවත්සර ප්‍රසාද දීමනා ඇතුළත් වාර්ෂික බෝනස් සහතිකපත් මෙවර කෙටි පණිවුඩ හරහා විද්‍යුත් ප්‍රකාශ ලෙස යැවීමට කටයුතු යොදන ලදී. භෞතික ප්‍රකාශන තැපැල් කරනු ලැබුවේ කෙටි පණිවුඩ හරහා සම්බන්ධවීමට නොහැකි රක්‍ෂණ හිමියන්ට පමණි.
සෙලින්කෝ ලයිෆ් 2022 වසර අවසන් වූයේ රුපියල් බිලියන 191.5ක වත්කම්, රුපියල් බිලියන 45.63ක ඒකාබද්ධ ආදායමක්, රුපියල් බිලියන 29.16 ක දළ ලිඛිත වාරික ආදායමක්, රුපියල් බිලියන 134.9ක ජීවිත අරමුදලක් සහ රුපියල් බිලියන 165.9ක ආයෝජන කළඹක් ද සමගිනි.
595
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියන්ට රුපියල් බිලියන 6ක වාර්ෂික බෝනස්
Amesh Wednesday, 26 July 2023 10:31 AM
මෙය තනිකරම වැරදි සටහනකි. අප හට කිසිම විශේෂ බෝනස් මුදල් ප්‍රදානයක් හෝ වාර්ෂික බෝනස් මුදල් ප්‍රදානයක් ආයතනයෙන් මේ වන තුරු ලැබී නැත. ආයතනයෙන් විමසිඉමක් කල පසු ඔවුන් පැවසුවේ තෝරා ගත් ගිණුම් කිහිපයකට පමණක් බෝනස් මුදල් ප්‍රදානයක් කල බවත්ය.
Ahmed (Gulf) Thursday, 03 August 2023 05:46 PM
රුපියල්. 3,043/66 පුද්ගලයෙකුට ප්‍රසාද දීමනාවක් ලෙසද? ඒක මොන මෝඩ විහිළුවක්ද?????