සෙලින්කෝ ලයිෆ් සමාගම සිය විකුණුම් බලකායේ විශිෂ්ටතමයන් අගය කරමින් හම්බන්තොට ෂැංග්‍රි-ලා හෝටලයේ දී 2025 අර්ධ වාර්ෂික සම්මාන උළෙල පවත්වන ලදී.
මෙම අති උත්කර්ෂවත් සම්මාන උළෙල සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළුව අමුත්තන් 300 දෙනකු සහභාගී වූ අතර වසරේ මුල් මාස හය තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ විකුණුම් නිලධාරීන් 215 දෙනකු ඇගයීමට පාත්‍ර විය.
තව ද සියලුම සම්මානලාභීන්ට සුඛෝපභෝගී නිවාඩු නිකේතනයේ නොමිලේ රාත්‍රියක් ගත කිරීමට ද අවස්ථාව උදා විය.
මෙම සන්ධ්‍යාවට අලංකාරයක් සහ කීර්තියක් එක් කරමින් සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
සෙලින්කෝ ලයිෆ් අර්ධ වාර්ෂික සම්මාන උළෙලෙහි ඉහළම සම්මානලාභීන් අතර හොඳම ශාඛා ප්‍රධානියා ලෙස උතුරු කලාපයේ කේ. පකිරතන්, හොඳම ඒකක ප්‍රධානියා ලෙස උතුරු කලාපයේම එස්. රාජීනී, හොඳම ජීවිත රක්ෂණ උපදේශක සම්මානය සඳහා දකුණු කලාපයේ ඒ. අයි. පී. මංජුල සහ හොඳම ප්‍රාදේශීය විකුණුම් කළමනාකාරිනිය ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ජේ. මීරා යන මහත්ම මහත්මීහු සම්මාන ලැබූහ.
සෙලින්කෝ ලයිෆ් අර්ධ වාර්ෂික සම්මාන උළෙල සෙලින්කෝ ලයිෆ් සමාගමේ වාර්ෂික දින දර්ශනයෙහි සුවිශේෂී අවස්ථාවක් බවට පත්ව ඇති අතර තම විකුණුම් බලකායේ සුවිශේෂී ජයග්‍රහණ සැමරීම සඳහා සහ වසර අවසානය කරා ගමන් කරන විට ඔවුන්ට තවත් ඉහළ මට්ටමක් කරා ගමන් කිරීමට අභිප්‍රේරණයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් මෙය සැලසුම් කර ඇත.
2025 වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස අඛණ්ඩව 19 වැනි වසරටත් ජනතා සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් 2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස ද, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය ^ICCSL& සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය ^CIMA& විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සෙලින්කෝ ලයිෆ් 2025 අර්ධ වාර්ෂික සම්මාන උළෙලේ දී විශිෂ්ට විකුණුම් නිලධාරීන් අගයයි