IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


සෙලාන් බැංකුවට රුපියල් බිලියන 1.5ක බදු පසු ලාභයක්

 

සෙලාන් බැංකුව 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා කළ රුපියල් මිලියන 2,105 ට සාපේක්ෂව 2022 ජුනි 30 දිනෙන් අවසන් මාස 6 සඳහා රුපියල් මිලියන 1,504 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් විය.

විශේෂයෙන් මේ වසරේ දෙවැනි කාර්තුවේදී, ශ්‍රී ලංකාව නිදහස ලැබූ පසු මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදකාරී වකවානුව තුළ බැංකුව ක්‍රියාත්මක වූ අතිශය අභියෝගාත්මක සහ අහිතකර තත්ත්වයන් හමුවේ මෙවැනි අගයක් වාර්තා කිරීම ප්‍රශංසනීය බැංකු කාර්ය සාධනයක් ලෙස මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ශුද්ධ පොලී ආදායම රුපියල් මිලියන 10,971 සිට රුපියල් මිලියන 16,851 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2022 ජුනි 30 දිනෙන් අවසන් වූ මාස 6 සඳහා පෙර වසරට සාපේක්ෂව සියයට 53.60 ක වර්ධනයක් ලබා ගෙන තිබේ. ප්‍රධාන වශයෙන් හර සහ ණය කාඩ්පත් ආශ්‍රිත ආදායම, විද්‍යුත් බැංකුකරණයේ කොමිස් ආදායම, තැන්පතු සඳහා සේවා ගාස්තු සහ ප්‍රේෂණ සඳහා කොමිස් ඉහළ යාමත් ඇපකර ආශ්‍රිත ආදායම සහ ණය සහ අත්තිකාරම් ආශ්‍රිත ආදායම අඩු වීමත් තුලනය වෙමින්  බැංකුවේ  ගාස්තු මත පදනම් වූ ශුද්ධ ආදායම වසරේ පළමු අර්ධය තුළ දී රුපියල් මිලියන 2,180 සිට රුපියල් මිලියන 2,776 දක්වා සියයට27.36 ක වර්ධනයක් පවත්වාගෙන ඇත.

වෙළඳ කටයුතු, මූල්‍ය වත්කම් හඳුනා නොගැනීම, විදේශ විනිමය ගනුදෙනු යනාදියෙහි ශුද්ධ ඉපයීම් සමන්විත වෙනත් ආදායම් ශීර්ෂයන් සියයට 37.20 ක වර්ධන වේගයක් සහිතව වර්ෂ 2022 පළමු භාගය සඳහා පසුගිය වසරේ අනුරූප කාලයට සාපේක්ෂව රුපියල් මිලියන 1,526 ක සිට රුපියල් මිලියන 2,093 දක්වා වැඩිවීමක් පවත්වාගෙන ඇත.  

පසුගිය වසරේ පළමු අර්ධය සඳහා වාර්තා වූ මුළු වියදම්  ප්‍රමාණය වූ රුපියල් මිලියන 6,750 අභිබවමින් 2022 ජූනි 30 දිනෙන් අවසන් වූ මාස 6 සඳහා මුළු වියදම් ප්‍රමාණය රුපියල් මිලියන සියයට7,251 දක්වා 7.43ක වැඩිවීමක් පෙන්නුම් කර ඇත. මේ සඳහා ප්‍රධාන වශයෙන් පාදක වී ඇත්තේ සාමූහික ගිවිසුම මත කාර්ය මණ්ඩල ප්‍රතිලාභ ඉහළ යාම හේතුවෙන් සේවක වියදම් රුපියල් මිලියන 287 කින් වැඩි වීමයි. ඉහළ උද්ධමනය සහ දේශීය මුදල් අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයන්  ලෙස මිලදී ගැනීම් සහ සේවාවල පිරිවැය ඉහළ යාම හේතුවෙන් අනෙකුත් මෙහෙයුම් වියදම් හා ඊට සමගාමී ක්ෂය වියදම් ද සියයට7.35 කින් වැඩි විය. කෙසේ වෙතත්, විවිධ පිරිවැය ක්‍රමයන් භාවිතයෙන්  පිරිවැය අවම කරලීම සඳහා බැංකුව අඛණ්ඩව ඉදිරි පියවර ගනු ඇත.

සියයට183.49 ක වැඩිවීමක් පෙන්නුම් කරමින් පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් බිලියන 4 ක හානිකරණ ගාස්තුවට සාපේක්ෂව 2022 වසරේ දෙවැනි කාර්තුවේ දී රුපියල් බිලියන 11 ක මුළු අගය හානිකරණ ගාස්තුවක් බැංකුවට දැරීමට සිදු වී තිබේ. වර්ධනය වෙමින් පවතින ගෝලීය සහ දේශීය ආර්ථික අභියෝග සහ ගනුදෙනුකරුවන්ගේ ණය අවදානම් පැතිකඩ කෙරෙහි සංවේදී වෙමින් ඒ ඔස්සේ ඇති විය හැකි අනාගත බලපෑම ග්‍රහණය කර ගැනීම සඳහා බැංකුව විසින් හානිකරණය පාදක කර ගත් ප්‍රතිපාදන වැඩි කර ඇත.

සමාලෝචිත කාල සීමාව තුළ දී බැංකුව විසින් ශුද්ධ ණය සහ අත්තිකාරම් අගය රුපියල් මිලියන 467,758 වන ලෙස  සියයට5.83ක ආන්තික වර්ධනයක් වාර්තා කර ඇත.  බැංකුවේ සමස්ත තැන්පතු පදනම 2021 දෙසැම්බරයේ රුපියල් මිලියන 488,653 සිට 2022 පළමු අර්ධය අවසන් වන විට  රුපියල් මිලියන 531,741 දක්වා වර්ධනය කර ඇත.

බැංකුවේ ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA) 31.92 ක් ලෙසින් පවතී. එමෙන්ම බැංකුවේ වත්කම් පදනම 2021 දෙසැම්බර් 31දා සිට රුපියල් මිලියන 58,902 කින් රුපියල් මිලියන 666,478 ක් දක්වා වර්ධනය වී ඇත.

සමස්තයක් වශයෙන්, මාස හයක කාලය තුළ වාර්තා වූ කාර්ය සාධනයට අනුගාමීව බැංකුවේ කොටසක ඉපැයීම් අගය (EPS) රුපියල් 2.60 ක් ලෙසින් වාර්තා විය. බැංකුව 0.64% ක බදු පෙර සාමාන්‍ය වත්කම් මත ලාභයක් (ROAA) සහ 5.83% ක හිමිකම් මත ප්‍රතිලාභයක් (ROE) වාර්තා කළේය. 2022 ජුනි 30 වන දිනට බැංකුවේ කොටසක ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 89.26 (සමූහ වටිනාකම රු. 92.46)ක් විය.

සෙලාන් බැංකුව ප්‍රධාන ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයන්  නියාමන අවම අවශ්‍යතාවලට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට විචක්ෂණශීලී වී ඇති අතර පළමු පෙළ ප්‍රාග්ධන මුළු අනුපාතය සියයට10.18ක් සහ මුළු ප්‍රාග්ධන අනුපාතය සියයට 13.54ක් වශයෙන් පවත්වාගෙන ඇත.

බැංකුවේ ද්‍රවශීලතා අනුපාතයන් ව්‍යවස්ථාපිත සීමාවන් තුළ මනාව පවත්වා ගැනීමට හැකි වී ඇත. දේශීය බැංකු ඒකකයේ සහ විදේශ මුදල් බැංකු ඒකකයේ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතිකය (SLAR) පිළිවෙළින් සියයට25.97 සහ සියයට21.28 වශයෙන් පැවති අතර බැංකුවේ සියලුම ව්‍යවහාර මුදල් හා රුපියල්වලින් ඇති ගනුදෙනුවල ද්‍රවශීලතා ආවරණ අනුපාතය පිළිවෙළින් සියයට106.70 සහ සියයට152.42 ලෙස වාර්තා විය.

බැංකුවේ (අදියර 3)  හානිකරණ ණයවල වත්කම් තත්ත්ව අනුපාතය සහ අදියර 3 ණය වල හානිකරණය (අදියර 3) වත්කම් තත්ත්ව අනුපාතය පිළිවෙළින් සියයට4.36 සහ සියයට 47.65 ලෙස පැවතුණි.

595

 සෙලාන් බැංකුවේ සභාපති රවී ඩයස් මහතා


සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න



අදහස් (1)

සෙලාන් බැංකුවට රුපියල් බිලියන 1.5ක බදු පසු ලාභයක්

chandima Wednesday, 05 October 2022 09:58 PM

කොහෙද ඉතින් රටක් ගොඩ එන්න. ව්‍යාපාරිකයින්ගේ ලාභය ඔක්කොම එතැන

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 23 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 340 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 209 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 302 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 258 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක
2024 මැයි මස 01 70 0

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 513 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1972 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1734 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site