IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


සෙලාන් බැංකුව-ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය හවුල්කාරීත්වය අඛණ්ඩව 4 වැනි වසරටත් අලු‍ත් කෙරේ

සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අතර හවුල්කාරීත්වය අඛණ්ඩව 4 වැනි වසරටත් අඛණ්ඩව ක්‍රීයාත්මක කිරීමට දෙපාර්ශ්වය පසුගියදා පියවර ගත්තේය. මේ සඳහා වන ගිවිසුමට කොළඹ පිහිටි සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී අත්සන් තබන ලද අතර, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
මෙම හවුල්කාරීත්වය සැලසුම් කර ඇත්තේ අපනයන ක්ෂේත්‍රය දිරිගැන්වීම, විදේශ විනිමය ඉපැයුම් වැඩි කිරීම සහ රටේ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම යනාදී අරමුණු මුල් කර ගනිමිනි. මේ ඔස්සේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ සාමාජිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන මූල්‍ය විසඳුම් පිරිනමමින්, ඔවුන්ට අලු‍තින් ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමට මෙන්ම තම ගෝලීය ආවරණ පරාසය තවදුරටත් පුළුල් කරගැනීමට අත්වැලක් වීමට සෙලාන් බැංකුව බලාපොරොත්තු වෙයි. 
“විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව රටේ ආර්ථිකයේ ජීවනාලිය වන අපනයන ක්ෂේත්‍රය සවිබල ගැන්වීමට අපි කැප වී සිටිනවා. ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සමග අප පවත්වාගෙන යන මේ දීර්ඝකාලීන හවුල්කාරීත්වය, අපනයනකරුවන්ට විදේශීය වෙළෙඳපොළ ජයගනිමින් ජාතික ආර්ථිකයට දායක වීමට අත්වැලක් වීමට අප දක්වන උනන්දුවට මනා සාක්ෂියක් ලෙස හැඳින්වීමට පුළුවන්.” සෙලාන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා පැවසීය.
“අපගේ සාමාජිකයන්ගේ දියුණුව වෙනුවෙන් නව අවස්ථා උදාකර දීමට අප සෑම විටම උත්සාහ කරනවා. සෙලාන් බැංකුව සමග ඇතිකරගෙන තිබෙන හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කිරීම එහි එක් පියවරක්. මෙමගින් අපගේ සාමාජිකයන්ට ගෝලීය වශයෙන් තරගකාරී වීමට වැදගත් වන විශේෂ මූල්‍ය සේවා සහ නිසි මගපෙන්වීම ලබාදීමට මෙන්ම ඔවුන්ගේ දියුණුවට වැදගත් වන විවිධ වැඩසටහන් ක්‍රීයාවට නැංවීමට අපට හැකි වී තිබෙනවා.” ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ මහලේකම්/ ප්‍රධාන විධායක නිලධාරී ෂිහාම් මරික්කාර් මහතා පැවසීය. 
“සෙලාන් බැංකුව සහ අප අතර පවතින හවුල්කාරීත්වය අලු‍ත් කෙරෙන්නේ අපනයනකරුවන්ට අතිශයින් වැදගත් මොහොතකයි. ඔවුන් මේ වන විට ගෝලීය වශයෙන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන මූල්‍ය විසඳුම් ලබාගැනීමට හැකි වීම මගින් ඔවුන්ට එම අභියෝග ජයගනිමින් නව වෙළෙඳපොළවල් කරා පිවිසීමට හැකියාව ලැබේවි. එමෙන්ම එය ශ්‍රී ලංකාව තුළ වඩාත් ශක්තිමත් සහ අභියෝගවලට ඔරොත්තු දිය හැකි අපනයන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අප දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් කරනවා. ගෝලීය වෙළෙඳාම තුළ දීර්ඝකාලීන තිරසාරත්වය සහ තරගකාරීත්වය පවත්වා ගැනීම සඳහා මෙවැනි හවුල්කාරීත්ව ඉතාමත් වැදගත්.” ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ සභාපති ඉන්ද්‍ර කෞෂාල් රාජපක්ෂ මහතා පැවසීය. 
ජාතික අපනයන මණ්ඩලය යනු ලංකාවේ අපනයනකරුවන් නියෝජනය කරන එකම මණ්ඩලය වන අතර, මෙම ගිවිසුම මගින් එහි සාමාජිකයන්ට සෙලාන් බැංකුව වෙතින් සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් හිමි වේ. එමෙන්ම රටේ විශිෂ්ටතම අපනයනකරුවන් ඇගයීමට ලක්කරන ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ වාර්ෂික සම්මාන උළෙල වැනි වැඩසටහන්වලට සෙලාන් බැංකුව සක්‍රීයව දායක වීමද රටේ අපනයන ක්ෂේත්‍රයේ උන්නතියට ලැබෙන තවත් මහඟු‍ අත්වැලකි. 
හුදෙක් මූල්‍ය සේවාවලට පමණක් සීමා නොවන මෙම හවුල්කාරීත්වය, දැනුම හා නවෝත්පාදන හුවමාරු කරගැනීම මෙන්ම අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගැනීම සඳහා අගනා වේදිකාවක් සපයයි. අපනයනකරුවන්ට අවශ්‍ය දැනුම හා සම්පත් පිරිනැමීමෙන් මෙම හවුල්කාරීත්වය මෙරට අපනයන ව්‍යපාරවල දියුණුවට අවස්ථා රාශියක් උදා කර දෙන අතර, ඒ ඔස්සේ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කරමින් ගෝලීය වෙළෙඳාම තුළ ලංකාවේ තරගකාරීත්වය පවත්වා ගැනීම සඳහා සුවිශාල දායකත්වයක් ලබාදෙයි. 
මෙම හවුල්කාරීත්වය නැවත අලු‍ත් කිරීම, ලංකාවේ අපනයනකරුවන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙමින් ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කරන අතරම රටේ විදේශ විනිමය ඉපැයුම් වර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව සහ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය දරන සාමූහික ප්‍රයත්නය තවදුරටත් ශක්තිමක් කිරීමේ පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.



අදහස් (0)

සෙලාන් බැංකුව-ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය හවුල්කාරීත්වය අඛණ්ඩව 4 වැනි වසරටත් අලු‍ත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 581 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 499 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 424 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site