IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


‘සෙලාන් පැහැසර සතිය’ සමගින් 286 වැනි ‘සෙලාන් පැහැසර‘ පුස්තකාලය විවෘත කරයි

ශ්‍රී ලාංකේය දුවා දරුවන් ඉගෙනුමට හා පොතපත කියවීමට නැඹුරු කිරීමත්, ජාතියේ සාක්ෂරතාව ඉහළ මට්ටමකට ගෙන ඒමත් ඉලක්ක කරගනිමින් සෙලාන් බැංකුව විසින් දියත් කරන ‘සෙලාන් පැහැසර‘ පුස්තකාල ව්‍යාපෘතිය තවත් මං සලකුණකට ළඟා වී තිබේ. ඒ අනුව, සෙලාන් පැහැසර 286 වෙනි පුස්තකාලය විවෘත කිරීම පසුගියදා දඹුල්ල තිත්තවැල්ගොල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී සිදු කෙරිණි. 
‘සෙලාන් පැහැසර’ ව්‍යාපෘතිය ආරම්භයේ පටන්ම ඉලක්ක කොට ගෙන තිබුණේ, 2026 වර්ෂය වන විට සෙලාන් පැහැසර පුස්තකාල 300 ක් විවෘත කිරීමයි. 286 වැනි පුස්තකාලය දඹුල්ල තිත්තවැල්ගොල්ල කනිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපනය කිරීමත් සමගින් එම ඉලක්කය වෙත තවත් පියවරකින් සමීප වීමට සෙලාන් බැංකුව සමත් වී තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ ද සහයෝගය සමඟින් මේ වන විට සෙලාන් පැහැසර පාසල් පුස්තකාල ව්‍යාපෘතිය අඛණ්ඩව වසර දොළහකට අධික කාලයක් පුරාවට ක්‍රියාත්මක වේ. ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සාක්ෂරතාව වර්ධනය කිරීමත්, ඔවුන් තුළ පොතපතට සහ පොත් කියවීමට ලැදියාවක් ඇති කිරීමත්, පොතපත කියවීමේ මහඟු‍ පුරුද්ද ඉගෙනුමටද පිටිවහලක් කර ගැනීමට සහාය ලබාදීමත්, කියැවීමෙන් දැනුම්වත් ජාතියක් ගොඩ නැංවීමත් සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුවේ අරමුණයි. ඒ අනුව පාසල් පුස්තකාල ගොඩනැංවීම හෝ නවීකරණය කිරීමත්, එමෙන්ම අදාළ පාසල් සඳහා අත්‍යවශ්‍ය වන සහ අඩුපාඩුවක්ව පවතින උපාංග සහ සම්පත් ප්‍රදානය කිරීමත්, අදාළ පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ඉහළ නැංවීමත් සෙලාන් බැංකුව විසින් සිදුකරයි.
එසේම සෙලාන් පැහැසර 286 වැනි පුස්තකාලයේ සඳහා සංකේතාත්මකව පොත් පිරිනැමීමත්, තිත්තවැල්ගොල්ල කනිෂ්ඨ විද්‍යාලය සඳහා පරිගණක සහ බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක්, පුළුල් තිරයක් ඇතුළු තාක්ෂණික පහසුකම් ද සමගින් ප්‍රධානය කිරීමත් ප්‍රධාන අමුත්තන් අතින් ඉටු වුණි.
“2026 වසර වන විට අංග සම්පූර්ණ පාසල් පුස්තකාල 300 ක් ගොඩනැංවීම, සෙලාන් පැහැසර ප්‍රධානතම ඉලක්කය වනවා. මේ විවෘත කරන සෑම පාසල් පුස්තකාලයක්ම, ඉදිරියට පරම්පරා ගණනාවක් දක්වා ශ්‍රී ලාංකේය දුවා දරුවන් දහස් ගණනකගේ නැණස පාදනු ඇත යන්න අපගේ විශ්වාසයයි. අනාගතය භාර ගැනීමට සිටින අපගේ දරුවන්ගේ කියවීමේ ආශාව වර්ධනය කිරීම, ඔවුන්ව දැනුමෙන් සහ අකල්පයෙන් සන්නද්ධ කිරීම, සහ ඒ ඔස්සේ ඉහළ සාක්ෂරතාවකින් යුත් අනාගත පරපුරක් බිහි කිරීම අප ඉටු කළ යුතු සමාජ මෙහෙවරක් ලෙස අපි දකිනවා. මෙම ප්‍රයත්නයන් ඔස්සේ, දැනුමින් සහ යහ ආකල්පයෙන් පොහොසත් ශ්‍රී ලංකාවක් බිහි වනු දැකීම අප සැමගේම ප්‍රාර්ථනාවයි.”‍ යනුවෙන් සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) ශනුක ජයරත්න මහතා, සෙලාන් පැහැසර 286 වැනි පාසල් පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන ලදී.
මෙම 286 වැනි සෙලාන් පැහැසර පුස්තකාලය විවෘත කිරීමේ වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙසින් සෙලාන් බැංකුවේ උතුරු මැද කලාපයේ ප්‍රාදේශීය කළමනාකරු ජනන්ද රත්නායක සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂක, රන්ජිත් සිරිවර්ධන යන මහත්වරු සහභාගී වූහ. එමෙන්ම පාසල නියෝජනය කරමින් එහි විදුහල්පතිනිය, ඩබ්. එම්. වත්සලා දීපානි වර්ණකුලසූරිය මහත්මිය ඇතුළු ගුරුවරුන් සහ දරු දැරියන්ද, සෙලාන් බැංකුව නියෝජනය කරමින් එහි කළමනාකරු (සන්නාම අලෙවිකරණ) විසාකන් ඥානසුන්දරම් මහතා සහ ප්‍රධාන අලෙවි කළමනාකරු නලින් කරුණාරත්න මහතා මෙම අවස්ථාවට සහභාගී විණි. 



අදහස් (0)

‘සෙලාන් පැහැසර සතිය’ සමගින් 286 වැනි ‘සෙලාන් පැහැසර‘ පුස්තකාලය විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 90 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site