(ප්‍රින්ස් රත්නායක)
රට පුරා ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩ වර්ජනය නිසා විශ්වවිද්‍යාලය පදනම්කරගෙන වක්‍ර රැකියාවන්හි නියුතු බොහෝ පිරිසකට සිය ආර්ථිකයට පහර වැදී ඇති බව විශ්වවිද්‍යාල ආපනශාලා හිමියෝ පවසති.
ත්‍රිරෝද රථ සේවවාන්හි නිරත වන පිරිස්ද පවසනුයේ විශ්වවිද්‍යාලය සාමාන්‍ය පරිදි නොපැවැත්වීමත් සිසුන් නේවාසිකාගාරයන්හි නොමැතිවීමත් නිසා නිතිපතා වැඩිවශයෙන් තමන් සේවාවන් ලබාගන්නා සිසුන් සිය නිවෙස්වල සිටීමත් නිසා තම වෘත්තියට ප්‍රබල පහරක් එල්ලවී ඇති බවයි. අවුරුදු කාලයේ තම අතමිට සරුකර ගතයුතු වුවත් දවසේ වියදමවත් සපයා ගැනීමට නොහැකි තත්වයක් උදාවී අති බවද පවසති.
එමෙන්ම දුරකථන ඇමතුම් හල් හා ලිපිද්‍රව්‍ය හා පොත්සැල් පවත් වාගෙන යන සබරගමුව විශ්ව විද්‍යාලය අවට පොත්සැල් හිමියෝ සිය සේවා ස්ථාන වසා දැමීමට සිදුව ඇති බව පවසති. බාබර් සාප්පු, රූපලාවන්‍යාගාර මෙන්ම පළතුරු වෙලඳසැල්ද තම කටයුතු කරගෙන යානොහැකි තත්වයක් උදාවී ඇති බවත් අවරුදු සමයේ මෙම තත්වය හේතුවෙන් තමනට නරක කාලයක් උදාවී ඇති බවද පවසති.
පඹහින්න ප්‍රදේශයේ තොග හා සිල්ලර වෙළෙදසල් මෙන්ම හෝටල් හිමියන්ටද විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සෘජු බලපෑම හේතුවෙන් තම වෙළඳකටයුතු පහළ මට්ටමක් පැවතෙන බවද කියති. ඔවුන් පවසන්නේ සිසුන් මෙන්ම සේවක ප්‍රජාවද මෙම අවුරුදු කාලයේ ඉහළ ගණුදෙනු කිරීමක් පවතින බවත් පසුගිය වසරවලට ඉහළ ලාබ ඉපයූවත් උද්ගතව ඇති ගැටලු මුල් කො සේවකවැටුප් නොලැබීම හේතුවෙන් මේ දිනවල ඔවුන් මිලදී ගැනීමේ හැකියාව අවම මට්ටමකට පැමිණිමත් විකුණුම් අවම වී ඇති බවයි.
මේ හේතුවෙන් වඩා තදින් තම ව්‍යාපාරික කටයුතුවල තදබල පහරක් වැදී ඇති බව පවසති. ඇතැම් අපනශාලා හා හෝටල් මේ හේතුවෙන් වසා දමා ඇති අයුරුද දැකිය හැකිය. සිසුන් ඉලක්ක කරමින් ඔවුනට ආහාර ලබාදෙන ගෘහණියන්ටද සිය ආදායම සොයන මග ඇහිරී ඇති ඔව්හු බව පවසති. පවතින තත්වය හමුවේ කඩ සාප්පු වසාදමා ඇති අතර වෙනදා පන්දසකට අධික පිරිසක් ගැවසෙන බෙලිහුල්ඔය හා පඹහින්න ප්‍රදේශයේ හිස්බවක් දැකගත හැකිය.
විශ්ව විද්‍යාල කටයුතු ඇනහිටීමෙන් හා සිසුන් නොමැතිවීමත් සේවක වර්ජනය හේතුවෙන් ඔවුනට පඩි නොලැබීමත් නිසා එළවලු පළතුරු මාළු මිලදී ගැනීම විශාල ලෙස අඩුවී ඇති බවත් තම දවසේ වෙළඳාම අඩුවී තමන් මිලටගත් භාණ්ඩවල මුදලවත් සොයා ගැනීමට අසීරූවී ඇති බව පඹහින්න සතිපොලේ වෙළඳාමේ යෙදෙන පී.එල් දිනේශ් ඉන්දික හා කේ. වී.විමලාවතී යන අය පැවසූහ.
උද්ගතව ඇති සරසවි අවුල මුල්කොට සරසවි සිසුන්ට සේවකයින්ට මෙන්ම විශ්වවිද්‍යාලය වටා සිය ආර්ථික කටයුතු සිදුකරන පාර්ශව රැසකට මෙම තත්වය සෘජුව බලාපා ඇති අතර එළඹෙන නව අවුරුදු සමය මේ හේතුවෙන් සුබදායී නොවන වටපිටාවක් ගොඩනැගී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට අමතරව සරසවි අනධ්‍යයන සේවක වර්ජනයෙන් ග්‍රාමීය ආර්ථිකයට බලපෑම් විතරක්ම නෙවෙයි, විවිධ ක්ෂේත්‍රවලට මෙය බලපා ඇතැයිද, 138/ 176/ කැලණිය/ ගන්දර/ හපුගල හා පඹහින්න බස් රථ කොන්දොස්තර මහතුන්, රියදුරු මහතුන් ලෙස ඔවුන්ගේ ආදායම් බරපතල ලෙස කඩාවැටී ඇතැයි ඔවුන්ගේ ස්වාමියාටත් මේ තත්වය තුළදී අවුරුදු සමයත් ඇදුරු වූ බවත් ප්‍රකාශ කරයි.
අපේ රටේ සේවකයින්ගේ තියෙන්නේ කුහකකම. උගත් වෘත්තීයවේදීන්ට, කථිකාචාර්යවරුන්ට යම්කිසි පඩි වැඩිකිරීමක් කළොත් එම ආයතනයේ අනෙක් අවශේෂ උදවිය ඒකට කැමති නෑ. නැත්නම් කියනවා පඩි විෂමතාවක් කියලා. මේක නවත්තන්න නම් රජයේ සහ අර්ධරාජ්‍ය, විශ්ව විද්‍යාල වගේ ආයතනවල සේවකයින්ට තම සේවය අනුව පොදු වැටුප් තලයක් ස්ථාපිත කළ යුතුයි. උදාහරණයක් ලෙස රියදුරු වෘත්තිය...
ඒක සත්‍යයක්... වර්ජනය නිරත වන සේවකයින්ගේ ගෙවල්වල. අවුරුදු නැහැ....
එලිපිට නොකිව්වට සිසුන්ට වෙනත් සේවා සපයන කණ්ඩායම් වුණත්, මේ දවස්වල අමාරුවේ වැටිලා ඉන්නේ. රටේ කොයි විශ්වවිද්‍යාලය අවට ගම්වල වුණත් තත්වය ඕකයි. ඒ අය කීයක් හරි වැඩිපුර හොයාගත්තේ ශිෂ්‍යයින් හින්දා තමයි.
මම බලන්නේ මෙය සිසුන්ගේ පැත්තෙන්... අපේ ළමයින් ගෙදර ඇවිත් ඉන්නවා වෙලාවට කාලා... ස්නානය කරලා විවේකයක් ගන්නවා.
මේ පුවතේ තිබෙන කාරණා සම්පූර්ණ ඇත්ත. ඌණපූරණයක් කරනවා නම් දැන් ආණ්ඩුවට ආචාර්යවරුන්ට පඩි ගෙවන්න වෙලා තියෙනවා දේශන අඩාල වුනත්. සිසුන් ගේ උපාධි ලැබෙන දිනය පසුපසට යනවා. මාස ගනන් එක දිගට කරගෙන ආ සමහර පර්යේෂණ නියැදි සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා සමහර පර්යේෂණ රජයේ හෝ වෙනත් ආධාරයකින් මුදල් ගෙවා කරන ඒවා නිසා ඒ අමුද්‍රව්‍ය සඳහා ආයෝජනය කරන ලද මුදල් නැවත ලබා ගත නොහැකි වීම නිසා පර්යේෂන අසාර්ථක වෙනවා. මුදල්මය අලාහයට අමතරව සමහරුන්ගේ ඉහල උපාධි පර්යේෂණ සම්පූර්ණයෙන් මේ නිසා කඩාකප්පල් වී තිබෙනවා. ඒ අතින් බලනකොට ඔය සෙවකයන් ඉල්ලන පඩියට වියදම් වෙනවා වගේ දෙතුන් ගුණයක් රටට පාඩු වෙනවා. ඔය රට කරවන උගත් නූගත් ඇත්තන්ට මේ වක්‍රාකාරව සිදුවන පාඩුව පේන්නේ නැති එක මහජනතාවගේ කරුමය තමයි.
දේශපාලනඥයන් ඇතුලුව සෑම දෙනාටම දොස් නඟන්නෝ වෙති. මේ ජාතියේ අනාගතය ගැන සිතන්න නැත. ජනාධිපති සිට කම්කරුවෙකු දක්වා තවත් බලය සහ මුදල් අවශ්‍ය වේ. මුළු රජයේ හා එහි ශ්‍රම බලකාය ආත්මාර්ථකාමීයි. අපේ ජාතියට අනාගතයක් නැත
දැන් බලාගෙන ගියාම සම්පුර්ණ රටේ අදායම් පෙළ ගැහිලා තියෙන්නේ සරසවි පැවැත්ම මතනේ. රටේ නායකයන් මෙය ඉක්මනින් වටහා ගත යුතුය. මේ සේවකයන් නිසි ආකාරයට සරසවි පවත්වාගන යාමට ඉඩ නොදෙන්නේනම් වහාම මේ අයවලුන් සේවයෙන් ඉවත්කර නව සේවකයන් බදවා ගෙන සරසවි වහාම විවෘත කල යුතුය. රටේ ජන ජීවිත වලට තදින් බල පාන්නේනම් මෙවන් අයගේ ක්‍රියාකාරකම් වහාම අත්හිටවිය යුතුය