IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සූර්ය බලාගාර ව්‍යාපෘතියට කෝටි 800ක ආධාර ගන්න යයි

(නිමල කොඩිතුවක්කු)

වහල මත සවි කරන ගෘහස්ත සූර්ය බලාගාර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන්  රුපියල් කෝටි 800ක මූල්‍යමය ආධාර ලබා ගැනීමට කටයුතු කරන බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා කොළඹදී අද (13) පැවසීය.

මේ සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ යටතේ වහල මත සවිකරන ගෘහස්ත සූර්ය බලාගාර ලක්ෂ දහයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.

ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඒකාබද්ධ කැබිනට් පත‍්‍රිකාවක් ලෙස මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

අඩු අදායම් ලාභීන්ට මෙම වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දෙනු ලබන අතර අක‍්‍රමිකතා වැලක්වීම සඳහා ගෘහස්ත සූර්ය බලාගාරයේ උපරිම ධාරිතාව කිලෝ වොට් 50කට  සීමා කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (11)

සූර්ය බලාගාර ව්‍යාපෘතියට කෝටි 800ක ආධාර ගන්න යයි

Perakum Friday, 14 September 2018 05:08 AM

සුළු හා මධ්‍ය පරිමාන පාරිභෝගිකයින්ට ප්‍රමුඛත්වය දෙන්න.

:       0       98

Perakum Friday, 14 September 2018 08:25 AM

සහන ණයකට සහනාධාර ක්‍රමයකට අඩු මුදලකට දෙන්න. මේ පැනල්වල සැබෑ වටිනාකම ඉතා අධික බැවින් සුළු පරිමාණ පාරිභෝගිකයාට දැරිය නොහැක.

:       0       148

parakkrama Friday, 14 September 2018 10:22 AM

මැනවින් සොයා බැලීමකින් පසු, සුදුසුම බවට හඳුනා ගන්නා, අවධානයට ලක් කළ යුතුම අඩු ආදායම් ඇති, විශේෂයෙන්ම පාසල් යන ළමුන් සිටින පවුල් සඳහා විශේෂ සහන සැලසුමක් සැකසුනොත් යෙහෙකි.

:       0       6

සනත් Friday, 14 September 2018 05:42 PM

කිලෝ වොට් 50 ක සුර්ය පැනල සවිකරන්න වර්ග අඩි 3000ක ලොකු වහලයක් අවශ්‍යයි. අනික මේ පද්ධතියෙන් මාසෙකට විදුලි ඒකක 7000 ක් විතර ලැබෙනවා. මං නම් හිතන්නේ කිලෝ වොට් 10 උපරිමය වඩා හොඳයි කියලයි.

:       1       15

PerakumSaturday, 15 September 2018 05:15 AM

සනත් ඔබ නිවැරදියි. තාක්ෂණික දැනුම ඉහළයි. බලධාරීන්ට ඔබේ යෝජනාව යොමුවේවා...!!!

:       1       6

PerakumSunday, 16 September 2018 10:18 AM

ඔබ පවසන අන්දමට කි.වො 50ක පද්ධතියකින් මසකට ඒකක 7000ක් ලැබෙනවා නම් එයත් විශාල වැඩියි නේද? ඒ අනුව කි.වො 1ක පද්ධතියකින් මසකට ඒකක 140ක් ගත හැක. මෙය සාමාන්‍ය පාරිභෝගිකයාට හොඳටම ප්‍රමාණවත් නේද...?

:       0       4

සනත්Monday, 17 September 2018 10:07 AM

කි. වො. 100 උනත් මොකද? එකෙන් රටටයි වාසියක් මේ කරන්ට් ලැබෙන්නේ තමුන්ටම නෙමේ රටේ විදුලි පද්ධතියටයි.

:       0       0

PerakumTuesday, 18 September 2018 08:33 AM

සනත් අපි මේ කතා කරන්නේ ඔබ වැනි අය ගැන නොවේ. අද රටේ වැඩියෙන් ඉන්න සුළු පරිමාණ පාරිභෝගිකයින් වෙනුවෙනුයි.

:       0       0

bandula Monday, 17 September 2018 12:42 PM

ඕස්ට්‍රේලියාවේ නිවසකට නිපදවීමට අවසර ලැබෙන්නේ උපරිම සුර්ය බල 5kwක් පමණි. එයට පැනල 22ක් යනවා. මම හිතන්නේ මෙම පුවත වැරදියි කියලා. වැඩිය නිපදවන්න අවසර දුන්නොත් විදුලි පද්ධතිය හානිවෙනවා...

:       0       0

PerakumTuesday, 18 September 2018 04:44 AM

මම හිතුව හරි වගේ. අපට හරියන්නේ 1 kw පද්ධති තමයි. ඒ අනුව පැනල 4 ක පද්ධතියක් ප්‍රමාණවත් වේ.

:       0       0

දිනේෂ් Tuesday, 18 September 2018 05:29 PM

සාමාන්‍යයෙන් උපරිම විදුලි පරිභොජනයක් සහිත සාමාන්‍ය වැසියකුගේ නිවසකට 1.5KW ප්‍රමාණවත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 723 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17971 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 773 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site