(නිමල කොඩිතුවක්කු)
වහල මත සවි කරන ගෘහස්ත සූර්ය බලාගාර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 800ක මූල්‍යමය ආධාර ලබා ගැනීමට කටයුතු කරන බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා කොළඹදී අද (13) පැවසීය.
මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ යටතේ වහල මත සවිකරන ගෘහස්ත සූර්ය බලාගාර ලක්ෂ දහයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.
ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඒකාබද්ධ කැබිනට් පත‍්‍රිකාවක් ලෙස මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.
අඩු අදායම් ලාභීන්ට මෙම වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දෙනු ලබන අතර අක‍්‍රමිකතා වැලක්වීම සඳහා ගෘහස්ත සූර්ය බලාගාරයේ උපරිම ධාරිතාව කිලෝ වොට් 50කට සීමා කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු හා මධ්‍ය පරිමාන පාරිභෝගිකයින්ට ප්‍රමුඛත්වය දෙන්න.
සහන ණයකට සහනාධාර ක්‍රමයකට අඩු මුදලකට දෙන්න. මේ පැනල්වල සැබෑ වටිනාකම ඉතා අධික බැවින් සුළු පරිමාණ පාරිභෝගිකයාට දැරිය නොහැක.
මැනවින් සොයා බැලීමකින් පසු, සුදුසුම බවට හඳුනා ගන්නා, අවධානයට ලක් කළ යුතුම අඩු ආදායම් ඇති, විශේෂයෙන්ම පාසල් යන ළමුන් සිටින පවුල් සඳහා විශේෂ සහන සැලසුමක් සැකසුනොත් යෙහෙකි.
කිලෝ වොට් 50 ක සුර්ය පැනල සවිකරන්න වර්ග අඩි 3000ක ලොකු වහලයක් අවශ්‍යයි. අනික මේ පද්ධතියෙන් මාසෙකට විදුලි ඒකක 7000 ක් විතර ලැබෙනවා. මං නම් හිතන්නේ කිලෝ වොට් 10 උපරිමය වඩා හොඳයි කියලයි.
ඕස්ට්‍රේලියාවේ නිවසකට නිපදවීමට අවසර ලැබෙන්නේ උපරිම සුර්ය බල 5kwක් පමණි. එයට පැනල 22ක් යනවා. මම හිතන්නේ මෙම පුවත වැරදියි කියලා. වැඩිය නිපදවන්න අවසර දුන්නොත් විදුලි පද්ධතිය හානිවෙනවා...
සාමාන්‍යයෙන් උපරිම විදුලි පරිභොජනයක් සහිත සාමාන්‍ය වැසියකුගේ නිවසකට 1.5KW ප්‍රමාණවත්.