IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් දිගන පුනරැත්ථාපන රෝහලේ දරැවන් සමග ලෝක ළමා දිනය සමරයි

සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් පෞද්ගලික සමාගමේ සාඩම්බර තේමාව වූ දේශය පෝෂණය කිරීමේ මෙහෙවරේ තවත් එක් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව මෙවර ලෝක ළමා දින සැමරුම, දිගන පුනරුත්ථාපන රෝහලේ ප්‍රතිකාර ලබන විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය. 
සෑම දරුවකුටම සමාජීය වටිනාකමක්, අගය කිරීමක් හා සහයෝගයක් හිමි විය යුතු බව සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් සමාගමේ විශ්වාසයයි. ලෝක ළමා දිනය සමරමින් දරුවන්ගේ ධෛර්යය හා සතුට අගයන්නටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමග සතුට බෙදාහදා ගන්නටත් අවස්ථාවක් සලසා දෙන්නට සමාගම කටයුතු කළේය. 
සැමරුම් උත්සවය කෙන්ගල්ල මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, ප්‍රතිකාර ලබන දරුවන්ගේ නිර්මාණශීලීත්වය හා හැකියාව අගය කිරීම සඳහා විශේෂාංග රැසකින් සමන්විත විය. ලෝක ළමා දිනය සැමරීමෙන් සංකේතවත් කරන එකමුතුකම සහ මිත්‍රශීලී බව ඉස්මතු කරන වැඩසටහනක් වූ මෙය, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ මවුපිය සහයෝගය ඇතිව සංවිධාන කර තිබිණ. 
වැඩසටහනේ අංගයක් ලෙස, දරුවන්ගේ සුවිශේෂී හැකියාව එළිදැක්වූ ප්‍රසංගයක් ද පවත්වන ලද අතර, විවිධ ඉදිරිපත් කිරීම් හා ක්‍රියාකාරකම් දරුවන් විසින් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම මෙය, සෑම දරුවකු තුළම අසීමිත හැකියාව ඇති බව තහවුරු කළ විශේෂාංගයක් විය. තවද, ළමා දින සැමරුමේ සිහිවටන තිළිණයක් ලෙස සෑම දරුවකුටම පාසැල් බෑගයක් ලබා දෙන්නට ද සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය කටයුතු කරනු ලැබීය. 
වෛද්‍ය ප්‍රියංක කුමාරසිංහ, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, පළාත් අධ්‍යක්ෂ, සෞඛ්‍ය සේවා, මධ්‍යම පළාත, වෛද්‍ය සුරංග ප්‍රනාන්දු, කායික වෛද්‍ය උපදේශක හා ළමා වෛද්‍ය උපදේශිකා වෛද්‍ය රන්දිනී විජේවර්ධන ඇතුළු පුනරුත්ථාපන රෝහල් වෛද්‍ය කණ්ඩායමේ සහයෝගය ද මෙම වැඩසටහන සඳහා නොමදව හිමි විය.



අදහස් (0)

සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් දිගන පුනරැත්ථාපන රෝහලේ දරැවන් සමග ලෝක ළමා දිනය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site