
2022/2023/2024 උසස් පෙළ විභාගවල කැපී පෙනෙන අධ්‍යයන ජයග්‍රහණ සහ ඉහළම ’ ලකුණු වාර්තා කළ, ලංකාවේ තේ වතු ප්‍රජාව නියෝජනය කරන විශිෂ්ට සිසුන් දස දෙනකුට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) ‘අධි ශක්ති විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහන‘ මඟින් වටිනා ශිෂ්‍යත්ව 10ක් පසුගියදා පිරිනමන ලදී.
ලංකාවේ ප්‍රමුඛතම පිටි නිෂ්පාදන සමාගම වන SFML, උසස් නිෂ්පාදනවලින් දේශය පෝෂණය කිරීමට කැපවී සිටින සමාගමකි. පසුගිය වසරේ දියත් කරන ලද මෙම ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව දෙවන වරටත් 2025 වසරේ පවත්වනු ලබන අතර එය සමාගමේ වඩාත් අර්ථවත් ප්‍රජා සත්කාරක මෙහෙවරක් ද වේ. ශිෂ්‍යත්වලාභීන් විවිධ වතු කලාප නියෝජනය කරන පිරිසක් වන අතර, ඔවුන් නමුණුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, බලන්ගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ කැලණි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වතුවලට අයත් සිසුන් වේ. දීප්තිමත් දක්ෂතා පිරි මෙම සිසුන් පිරිස, නැගෙනහිර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ සබරගමුව විශ්වවිද්‍යාලය ඇතුළු ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල කළමනාකරණය, භෞතික විද්‍යාව, කලා සහ සාම අධ්‍යයනය යන ක්ෂේත්‍රවල අධ්‍යයන කටයුතු සඳහා යොමු වීමට නියමිතය.
මෙම සිසුන් පිරිසේ කැපී පෙනෙන ජයග්‍රාහකයන් අතර ස්ප්‍රින්ග් වැලි වතුයායේ සත්යවේලු රොජිනී, දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමේ 46 වන ස්ථානය හිමි කරගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සාමය සහ ගැටුම් නිරාකරණය පාඨමාලාව සඳහා තෝරාගෙන ඇති අතර, හල්ගොල්ල වතුයායේ රවිචන්ද්‍රන් අසෝජ්, දිස්ත්‍රික්කයේ 92 වන ස්ථානය හිමි කරගනිමින් අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය සඳහා සුදුසුකම් ලබා ඇත.
2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2004
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1557
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෙරන්ඩිබ් අධි ශක්ති විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව වතුකරයේ ඉහළම අධ්‍යාපන ජයග්‍රාහකයන්ට