IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුරා බදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්


විමුක්ති එස් රුද්‍රිගු


මුදල් අමාත්‍යාංශය ලබාදුන් ඉලක්කය පසුකර යමින් මෙම වසරේ පළමු මාස 6 තුළදී රුපියල් බිලියන 120.5 ක බදු ආදායමක් වාර්තා කර ඇති බවත්, එය වසර මැද ආදායම් ඉලක්කය සියයට 2.6ක ප්‍රතිශතයකින් පසුකර යාමක් බවත් සුරා බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මෙම වසරේ පළමු මාස 6 දී සුරාබදු දෙපාර්තමේන්තුව උපයා ගනු ඇතැයි පුරෝකථනය කර තිබූ ආදායම් ඉලක්කය සියයට 102.6 ක ප්‍රතිශතයකින් පසුකර යාමටද සුරාබදු දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව 2024 වසරේදී රුපියල් බිලියන 226.7 ක බදු ආදායමක් උපයා තිබූ අතර, 2023 වසරේදී රුපියල් බිලියන 178.1 බදු ආදායමක් උපයා තිබිණි.

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ බදු ශක්ති මුලපිරීම යටතේ පසුගියදා පැවැති බදු සතියට සුරාබදු දෙපාර්තමේන්තුව සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබුණේය. මෑත කාලයේදී රජයේ ආදායමට සැලකිය දායකත්වයක් ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී ඇත.



අදහස් (0)

සුරා බදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site