IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සියලු‍ කොටස් මිල දර්ශකය යළිත් ඒකක 16,000 ඉක්මවයි

මැයි 09 ට සාපේක්ෂව ඒකක 215.07 කින් එනම් සියයට 1.35කින් ඉහළ යාමක්

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් ඒකක 76.23කින් එනම් සියයට 1.64 කින් ඉහළට


භානුක අමරසිංහ


වෙසක් පොහෝ දින නිවාඩුවෙන් අනතුරුව කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු කෙටි සතියක් සඳහා යළිත් වරක් ආරම්භ වූ ඊයේ (14දා) එහි දර්ශක සියල්ලම කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI)) ඒකක 16,131.24ක් ලෙස අවසන් ගනුදෙනු දිනය වූ මැයි 09 ට සාපේක්ෂව ඒකක 215.07 කින් එනම් සියයට 1.35කින් ඉහළ යාමක් සිදු විය. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&PSL20) දර්ශකයත් ඒකක 4,734.03ක් දක්වා ඒකක 76.23කින් එනම් සියයට 1.64 කින් ඉහළ යාම සිදුවිය.

මෙලෙස සියලු‍ කොටස් මිල දර්ශකය නැවත වරක් ඒකක 16,000 ඉක්මවීම මාස හතරක පමණ කාලයකට පසුව සිදු වීමත් කැපී පෙනෙයි. ඉතිහාසයේ පළමුවරට එම දර්ශකය ඒකක 16,000 ඉක්මවීම පසුගිය ජනවාරි 02 වැනිදා වාර්තා විය. එදින ගනුදෙනු අවසානයේදී එම දර්ශකය ඒකක 16,348.55ක් ලෙස සටහන් විය. 

විශේෂයෙන්ම ඉහිල්වෙමින් පවතින භූගෝලීය ආතතිතත්වය මෙන්ම දේශීය සහ විදේශීය ආයෝජකයන්ගේ ධනාත්මක සහභාගිත්වය ඉහළ යාම දර්ශක අගයන් ඉහළ යාමට හේතුව බව විශ්ලේෂකයෝ පවසති.

මෙහිදී ඊයේ දිනය තුළ සමාගම් 140ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 68ක වටිනාකම් පහළ වැටීම සිදුවිය. සියලු‍ කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා හැටන් නැෂනල් බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන සමාගම් දායකත්වය ලබාදී තිබේ.

ඊයේ දිනය තුළ කොටස් මිලියන 123.4ක් ගනුදෙනු වී තිබූ අතර, දිනයේ සමස්ත පිරිවැටුම ලෙස රුපියල් බිලියන 3.36ක් සටහන් විය. එය මැයි 09 වැනිදා සටහන් වූ රුපියල් බිලියන 1.54ට සාපේක්ෂව සියයට 118ක වර්ධනයකි. මෙහිදී දේශීය මිලදී ගැනීම් රුපියල් බිලියන 2.58ක් ලෙසත්, දේශීය විකුණුම් බිලියන 2.6ක් ලෙසත් සටහන් වී තිබේ. එසේම විදේශ මිලදී ගැනීම් රුපියල් මිලියන 781.3ක් ලෙසත් සටහන්ව ඇති අතර, විදේශ විකිණුම් රුපියල් මිලියන 755.8කි. ඒ අනුව දළ විදේශ ලැබීම් රුපියල් මිලියන 25.5ක් ලෙස සටහන්ව තිබේ.



අදහස් (0)

සියලු‍ කොටස් මිල දර්ශකය යළිත් ඒකක 16,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site