IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘‘සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති නැවත වරක් විමසා බැලිය යුතුයි‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

මෙරට සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති නැවත වරක් විමසා බැලිය යුතු යැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (28) පැවැසීය.

‘සයිබර් අවකාශය : අනාගතය උදෙසා සදාතනික යුද භූමියක්’ යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සයිබර් ආරක්ෂාව පිළිබඳ සමුළුවේ ආරම්භක සැසිය අමතමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා එම කරුණු සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා මෙසේ ද කීය. 

 “සයිබර් තර්ජන ඕනෑම තැනකින් නිර්මාණය වෙනවා. ඕනෑම වෙලාවක පැමිණෙන් පුළුවන්. එහෙත් සෑම අවස්ථාවකදීම එම තර්ජන පැමිණෙන්නේ පිටතින්. මේ තර්ජනවලට මුහුණ දීම සඳහා ආරක්ෂක අංශ මෙන්ම සිවිල් ප්‍රජාව, හමුදාවෙන් පිටස්තර පාර්ශව ද සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.

සයිබර් ආරක්ෂාව රටක ආර්ථිකයට, සංචාරක ක්ෂේත්‍රයට ආදී ඕනෑම ක්ෂේත්‍රයකට බලපෑම් කරනවා. 

අපේ සයිබර් ආරක්ෂක ප්‍රතිපත්ති නැවත විමසා බැලිය යුතුයි. එම ප්‍රතිපත්ති පිළිබඳව විමසා බැලීමක් කළ යුතුයි. අපි අපේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික පද්ධති සහ ජාල සුරක්ෂිත කළ යුතුයි. අපි ආරක්ෂක අංශ අතර පමණක් නොව සයිබර් ජාලය තුළ සිටින සියලු පාර්ශව සමඟ දත්ත සහ තොරතුරු බෙදාහදා ගත යුතුයි. සහයෝගීත්වයෙන් වැඩකළ යුතුයි. ශ්‍රී ලංකා යුද හමුදාවට සයිබර් ආරක්ෂාව පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙන්නේ එවිටයි” 

 



අදහස් (0)

‘‘සයිබර් ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති නැවත වරක් විමසා බැලිය යුතුයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 33 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site