IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සියැට් වෙතින් ඉහළ කාර්යසාධනයක් සහිත ට්‍රැක්ටර් ටයරයක්

මහ කන්නයේ අස්වැන්න නෙළන කාලයට සරිලන පරිදි නව ට්‍රැක්ටර් ටයරයක් සියැට් කැලණි සමාගම එළිදක්වා ඇත. 
 ‘13’6-28 PUDDLE XL TT 12PR’ ලෙස නම්කර ඇති නව ක්‍රොස්-ප්ලයි ටයරය කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා ම නිර්මාණය කර ඇති බවත් ගොවිතැන් හා ට්‍රැක්ටර් වැඩ වඩා පහසුවෙන් හා කාර්යක්ෂමව කිරීමට හැකිවන පරිදි වැඩිදියුණු කළ විශේෂාංග කීපයක් ම හඳුන්වා දී තිබෙන බවත් එම සමාගම පවසයි. 
විවිධ බහුකාර්ය කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා කදිම තේරීමක් වන නව ටයරය බවට පත් කරමින් සොනාලිකා, ටැෆේ, ජෝන් ඩියර් සහ මහින්ද්‍රා වැනි ජනප්‍රිය ට්‍රැක්ටර් සන්නාම සමඟ මනාව ගැළපෙන බවද එම සමාගම පවසයි. 
ටයරයේ කට්ටවල ලිස්සා නොයන ගැඹුර ^NSD& විශේෂයෙන් වැඩි අගයක් ගන්නා අතර එමගින් සී සෑමේ ක්‍රියාවලියේ දී ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කරනු ඇත. මඩ සහිත හා තෙත් තත්වය තුළදී වැඩි ස්ථාවර බවක් ලබා දෙන මෙම ටයරයෙන් දිගුකාලීන සේවාවක් සහ උපරිම වටිනාකමක් සහතික කරයි. 
13’6-28 PUDDLE XL TT 12PR සියැට් කැලණි හොල්ඩිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද හයවැනි ට්‍රැක්ටර් ටයර් ප්‍රභේදය යි. 
සමාගමේ කෘෂි ටයර් පෙළට මෙම නවතම එකතු කිරීම පිළිබව අදහස් දක්වමින් සියැට් කැලණි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. මෙම නව ටයරයෙන් නියමිත කාර්යවලදී මෙන් ම විශේෂිත තත්වයන් තුළදී ද ඉහළ ක්‍රියාකාරීත්වයක් ලබා දීම සඳහා ටයර් නිර්මාණය කිරීමට සියැට් සතු හැකියාවට හොඳ උදාහරණයක්ග අස්වැන්න නෙළන කාලයේදී මුහුණ දෙන විශේෂ ගැටලු හා අභියෝගවලට පිළිතුරු ලබා දෙමින් මෙම ටයරය ඉහළ කාර්යසාධනය, කල්පැවැත්ම සහ විශ්වාසනීයත්වය සහතික කරන්නේ වඩා හොඳ ඵලදායීතාවක් හා කාර්යක්ෂමතාවක් ළඟා කර ගැනීමට ගොවීන් හා ට්‍රැක්ටර් ක්‍රියාකරුවන් සවිබල ගන්වමිනි.
ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රොස්-ප්ලයි සහ රේඩියල් ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි සමාගම මෙරට ටයර් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස වර්ධනය වීම, නව තාක්ෂණය සහ ගුණාත්මකභාවයේ වැඩිදියුණු කිරීම් සඳහා වසර ගණනාවක් පුරා සිදු කරන ලද සැලකිය යුතු ආයෝජනවල ප්‍රතිඵලයකි. ඒ තුළින් නිෂ්පාදන ධාරිතාව වැඩිවීමක් පමණක් නොව නිෂ්පාදන පරාසයේ පුළුල් වීමක්ද සිදු වී ඇත. 



අදහස් (0)

සියැට් වෙතින් ඉහළ කාර්යසාධනයක් සහිත ට්‍රැක්ටර් ටයරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site