IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


සියැට් කැලණි විශිෂ්ට අලෙවි නියෝජිතයන් ‘ඔටෝබාන් 2.0’ සම්මාන උළෙලේ දී ගෞරවයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සිය වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව හා සම්මාන උළෙල මෑතකදී කොළඹ ෂැන්ග්‍රිලා හි දී පවත්වන ලදී. 

මෙම අවස්ථාවට වසරේ විශිෂ්ටතම අලෙවි නියෝජිතයන් 145 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා අමතක නොවන මිත්‍රත්වයේ සන්ධ්‍යාවක් සඳහා ඇරයුම් ලැබී තිබුණි. සියැට් හි විකුණුම්, අලෙවිකරණ සහ අපනයන කණ්ඩායම්වල සාමාජිකයන් මෙන්ම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ද ඔවුන් සමග එක් වූයේ, සන්නාමයේ අඛණ්ඩ සාර්ථකත්වයට මෙම සමුළුවේ ඇති වැදගත්කම විදහා පාමිනි.

‘ඔටෝබාන් 2.0’ ලෙස තේමා කරගත් මෙම සමුළුව හරහා ශ්‍රී ලංකාවේ මාර්ගවල සියැට් සන්නාමයේ උසස් ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරන ජර්මානු ඉංජිනේරුකරණය, පර්යේෂණ හා සංවර්ධන විශේෂඥතාව සමගින් සියැට් රේඩියල් ටයර මගින් නිර්වචනය කෙරෙන වේගය, සුවපහසුව සහ පාලනය යන ගුණාංග මූර්තිමත් කළේය. සැමරුමේ සෑම අංශයක් ම මෙම තේමාව ජීවමාන වන අයුරින් සැලසුම් කර තිබුණි.

සම්මාන රාත්‍රියේ භෝජන සංග්‍රහයේ දී පිළිගැනීමේ කතාව පවත්වමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සභාපති චානක ද සිල්වා මහතා මෙසේ පැවසීය. “අද අපි සුවිශේෂී සන්ධිස්ථානයකයි සිටින්නේ. ටයර් කර්මාන්තය වේගවත් පරිවර්තනයකට භාජනය වෙමින් පවතින මෙවන් අවස්ථාවක, තාක්ෂණික දියුණුව, තිරසාර මුලපිරීම් සහ ඩිජිටල් නව්‍යෝත්පාදන හරහා අප ක්‍රියාත්මක වන ආකාරය සහ ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වන ආකාරය ද අපි නිරන්තරයෙන් අලුත් කරන්නෙමු. මෙවන් පරිසරයක් තුළ ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුළ ගුණාත්මකභාවය සහ තාක්ෂණය වැඩිදියුණු කිරීමට අපි තවත් රුපියල් බිලියන 4.5ක් වෙන්කර ඇති බව ඔබ සැමට දැනුම් දීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. එබැවින්, පසුගිය පාඩම් නැවත ආවර්ජනය කිරීමට, ඉගෙන ගැනීමට, සහ විශේෂයෙන් ම, විශාල හා වඩා හොඳ නිෂ්පාදන කළඹක් හා පරාසයක් සමගින් ඉදිරියට යාමට මෙම සමුළුව අපට හොඳ අවස්ථාවක්.”

සිය ස්තූති කථාවේ දී සියැට් කැලණි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “මෙම අවස්ථාව අපගේ ජයග්‍රහණ ගැන මෙනෙහි කිරීමට ම පමණක් නොව, වෙළඳපලේ අභියෝගවලට මුහුණ දෙන ඉදිරි මාවත කෙරෙහි අපගේ අවධානය අලුත් කිරීමට ද උපකාරී වී තිබේ. අපි ඉදිරියට යන විට උගත් පාඩම් බෙදාහදා ගනිමින්, ශක්තිමත් සබඳතා ඇතිකර ගනිමින් සහ විශිෂ්ටත්වය සඳහා වූ නැවුම් කැපවීම් ද අප සමඟම රැගෙන යන්නෙමු. අඛණ්ඩ වර්ධනය, සහයෝගීතාව සහ තවත් බොහෝ විශිෂ්ටතා එකතු කර ගැනීමට ද අපි බලාපොරොත්තු වෙමු.”

සියැට් අලෙවි නියෝජිත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී කැපී පෙනෙන සිදුවීමක් වූයේ 2024/25 වසරේ විශිෂ්ටත ම අලෙවි නියෝජිතයන් තිදෙනා ඉහළම ගෞරව ලබා ගැනීමයි. කොළඹ 2 U & H Wheel Service පෞද්ගලික සමාගම සමස්ත ජයග්‍රහණය දිනාගත් අතර, කොළඹ 14 හි සන්දීව් ඔටෝ එන්ටප්‍රයිසස් පෞද්ගලික සමාගම සහ අක්කරෙයිපත්තුව ආබිඩින් ටයර් සර්විස් යන ආයතන පිළිවෙළින් පළමු සහ දෙවැනි අනුශූරතා දිනා ගත්තේය.

 



අදහස් (0)

සියැට් කැලණි විශිෂ්ට අලෙවි නියෝජිතයන් ‘ඔටෝබාන් 2.0’ සම්මාන උළෙලේ දී ගෞරවයට පාත්‍ර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1279 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site