IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සියැට් කැලණි වෙතින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඔක්සිජන් උපකරණ පරිත්‍යාගයක්

දකුණු පළාතේ විශාලතම රෝහල වන කරාපිටිය රෝහල සඳහා High Flow Nasal Oxygen (HFNO) යන්ත්‍ර දෙකක් පසුගියදා සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් පරිත්‍යාග කරන ලදී.

සියැට් කැලණි සමාගමේ සභාපති, චානක ද සිල්වා මහතාගෙන් වෛද්‍ය ක්‍රිෂාන්ත ජයසේකර මහතා සහ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සමාගම විසින් මෙම පරිත්‍යාගය කර තිබේ. රුපියල් මිලියන 2.7 ක පිරිවැයක් ගන්නා මෙම යන්ත්‍ර දෙක මගින් හුස්ම ගැනීමට අපහසු රෝගීන් සඳහා අවශ්‍ය හදිසි ඔක්සිජන් සැපයුම ලබාදීම සිදුකරයි.

පසුගිය වසර මුළුල්ලේ කොරෝනා සටන වෙනුවෙන් කැපවී ක්‍රියාකළ ප්‍රධාන රාජ්‍ය ආයතන සඳහා සියැට් කැලණි හෝල්ඩින්ග් සමාගම විසින් අවශ්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදී. මෙම ආයතන අතරට ජාතික බෝවන රෝග නිවාරණ ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ එහි පශ්චාත් උපාධි වෛද්‍ය පුහුණු ආයතනය, රිජ්වේ ආර්යා ළමා රෝහල, බදුල්ල මහ රෝහල සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළත් වේ. මීට අමතරව, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඇඳන් 106 කින් යුක්තව මහනුවර පල්ලෙකැලේ ඉදිකරන රෝහල සඳහාද සියැට් කැලණි සමාගම විසින් රුපියල් මිලියන 02 ක මුදලක් පරිත්‍යාග කරන ලදී. එසේම, ශ්‍රී ලංකා පොලිසිය සහ දිවයින පුරා විසිරී සිටින ටයර් අලෙවි නියෝජිතයන් සඳහා අවශ්‍ය ආරක්ෂිත උපකරණ ඇතුළත් පෙට්ටි 1000 ක් ද සමාගම විසින් පසුගිය කාලයේදී බෙදා දුන්නේය.



අදහස් (0)

සියැට් කැලණි වෙතින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඔක්සිජන් උපකරණ පරිත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site