IMG-LOGO

සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගන්න බෑ

  • වසර දෙකක් පැරැණි වාහන ආනයනය මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක්
  • වැගන් ආර් රථයක් ලක්ෂ 100ක් වෙන්න පුළුවන්

විමුක්ති එස්. රුද්‍රිගු


වාහන ආනයන සීමා කොන්දේසි සහිතව රජය විසින් ඉවත් කරනු ලැබුවද සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. රජය වාහන ආනයන සීමා ලිහිල් කිරීමට ගත් තීරණය පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පෙරේදා (01) මෙසේ ප්‍රකාශ කළේය.

ජපන් වාහනවල මිල ඉහළ යාමට බලපාන මූලික හේතුව එරට නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 5 ක් හෝ 7 ක් පැරණි වාහන ආනයනය කිරීම වෙනුවට රජය විසින් වසර 2ක් පැරණි වාහන ආනයනය කිරීමට තීරණය කිරීම බව ඒ මහතා පැවැසුවේය. මෙතෙක් ලියාපදිංචි දිනය මත වාහන ආනයනය සිදු කළත් නව ගැසට්ටුවේ ලියාපදිංචි කළ දිනය වෙනුවට නිෂ්පාදිත දිනය ඇතුළත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. එය තාක්ෂණික දෝෂයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

වෙළෙඳපොළේ පැවැති මිල යටතේ ටොයෝටා රේස් රථයක් ලක්ෂ 130 කට පමණ, ටොයොටා යාරිස් රථයක් ලක්ෂ 95 කට පමණ, හොන්ඩා වෙසල් රථයක් ලක්ෂ 195කට පමණ සහ වැගන් ආර් රථයක් ලක්ෂ 80 - 85 කට පමණ මිලදී ගැනීමට හැකියාව තිබුණත් නව ගැසට්ටුවේ තිබෙන තාක්ෂණික දෝෂය හේතුවෙන් රේස් රථයක් ලක්ෂ 25කින්, යාරිස් රථයක් ලක්ෂ 10ත් 15ත් අතර ගණනකින්, වෙසල් රථයක් ලක්ෂ 25 කින් සහ වැගන් ආර් රථයක් ලක්ෂ 20 කින් වැඩි වීමට අවස්ථාව තිබෙන බව මෙරන්චිගේ මහතා ප්‍රකාශ කළේය.

ජනතාවට මිලදී ගැනීමට අපහසු වීම එක කාරණයක් වුවත් දුකට කාරණය නම් රටේ මුදල් නාස්ති වීම බවද ඔහු පැවැසුවේය. ජපානෙය් වෙන්දේසිවල තිබෙන මිල සහ අපේ රටේ තිබෙන බදු එක්ක ටොයොටා රේස් 1200 CC කාර් එකක් ලක්ෂ 130 කට ගන්න හැකියාව තිබුණත් සතියකට විතර පස්සේ මිලදී ගනිද්දී ලක්ෂ 150 - 160 කට වැඩිවිය හැකි බවත් එම වැඩිවන මුදල එකතු වන්නේ රජයට බද්දක් ලෙස නොවන බවත් මෙරන්චිගේ මහතා සඳහන් කළේය. ටොයෝටා යාරිස් වැනි මෝටර් රථයක අදට බදු ලක්ෂ 45ක් වන බවත් අද වෙන්දේසිවල මිල සමග ලක්ෂ 95 කට වැනි මිලකට ගන්නට හැකියාව තිබුණත් ඉදිරියේදී එම වාහනයම ලක්ෂ 110 දක්වා වැඩිවිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

වෙළෙඳපොළේ වාහන අඩු බවත් අවුරුදු 5 දක්වා පැරැණි වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ඒ නිසා බවත් මෙරන්චිගේ මහතා පැවැසුවේය. වෙසල් එකක් ලක්ෂ 240 ක් පමණ මිලක් දක්වා වැඩිවිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය. වැගන් ආර් එකක සාමාන්‍ය බද්ද අසන්න වශයෙන් ලක්ෂ 37.50 ක් පමණ වන බවත් දැන් තිබෙන මිල අනුව 2023 වසරේ වැගන් ආර් රථයක් ලක්ෂ 80 කට පමණ මෙරටට ගෙන්විය හැකි බවත් මෙරන්චිගේ මහතා පැවැසුවේය. එහෙත් ඉදිරියේදී වැගන් ආර් රථයක මිල මිලියන 10 පසුකළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේය. 



අදහස් (0)

සාමාන්‍ය පුරවැසියකුට රුපියල් කෝටියකින් මෙහා වාහනයක් මිලදී ගන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 670 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1069 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site