INSEE සංස්ථා, එක්සත් රාජධානියේ බ්‍රෑන්ඩ්ස් ෆිනෑන්ස් ආයතනය විසින් සම්පාදනය කරනු ලබන 'LMD Brands Annual' වාර්ෂික සන්නාම විශ්ලේෂණය මගින් ශ්‍රී ලංකාව තුළ ඉහළම ජනාදරයක් දිනාගත් වෙළෙඳ නාම 100 අතරට නම් කෙරිණි. මෙම ජයග්‍රහණය මෙන්ම 2021 SLIM නීල්සන් ජනතා සම්මාන උළෙලෙහි දී අඛණ්ඩව 10 වන වරටත් ’වසරේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය’ ලෙස ජනතා සම්මානයට පාත්‍ර වීමෙන් INSEE සංස්ථා සන්නාමය වසර ගණනාවක් තිස්සේ රැකගත් පාරිභෝගික විශ්වාසය විදහා දක්වන බව එම සමාගම කියයි.
“අපි අපගේ විශ්වාසවන්ත පාරිභෝගික ජනතාවට ගුණාත්මක බවින් සහ ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන ලබා දෙන බවට මෙම ජයග්‍රහණය ඉතා හොඳ සාක්ෂියක්. ඒ නිසාම INSEE සංස්ථා මේ රටේ ඉහළම ජනාදරය හිමිකරගත් සිමෙන්ති සන්නාමය බවට පත් වීම ගැන අපි ඉමහත් සතුටට පත්වෙනවා.” යනුවෙන් INSEE සිමෙන්ති ආයතනයේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ සහ නවෝත්පාදන) යාන් කුනිග් මහතා පැවසීය.
INSEE සංස්ථා යනු සුපිරි මිශ්‍රිත සිමෙන්ති නිෂ්පාදනයකි. එමෙන්ම එයSLS 1253 ප්‍රමිතිය යටතේ, 100% දේශීයව නිෂ්පාදනය කර මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන් ප්‍රථම බ්ලෙන්ඩඩ් සිමෙන්ති නිෂ්පාදනයයි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBSL) වෙතින් ‘හරිත සහතිකය’ හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සංස්ථා, ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) මගින් ‘හරිත රන් සම්මානයෙන්’ ද පිදුම් ලබා තිබේ..
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සිමෙන්ති ප්‍රධානතම වෙළඳ නාම 100 අතරට