IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සබරගමු පළාත් ’වසරේ හොඳම ව්‍යවසායකයා’ සම්මාන උළෙලට සෙලාන් ශක්තිය

සෙලාන් බැංකුව, පසුගියදා නිමාවූ 2024 සබරගමුව පළාත් ‘වසරේ හොඳම ව්‍යවසායකයා’ සම්මාන උළෙලේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේය. 
සබරගමුව පළාතේ ව්‍යවසායකයන්ට පළාත් මට්ටමින් හිමි වන ඉහළම ගෞරවයක් ලෙස මෙම සම්මාන උළෙල සැලකේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ, සබරගමුව පළාතේ ආර්ථික සංවර්ධනය උදෙසා එම පළාතේ ව්‍යවසායකයන් ලබාදෙන දායකත්වය ඇගයීමට ලක්කිරීම ය. ඉහළ පිළිගැනීමක් සහිත සම්මාන උළෙලක් වන මෙහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගනු ලබන්නේ, රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන ප්‍රවීණයන් පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසිනි. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මෙන්ම විශාල සහ අතිවිශාල පරිමාණ සමාගම්ද මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ. 
මෙම සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ව්‍යවසායිකාව, වසරේ ආබාධ සහිත ව්‍යවසායකයා/ව්‍යවසායිකාව සහ වසරේ විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයා/ව්‍යසායිකාව යන කාණ්ඩ යටතේ විශේෂ සම්මාන පිරිනැමිණි. තවද නිෂ්පාදන, සේවා, වෙෙළඳාම් හා කෘෂිකාර්මික යන අංශ මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ, තේ නිෂ්පාදන, සංචාරක සහ නව්‍ය ව්‍යාපාරික යනාදී අංශ යටතේ මෙහිදී විශේෂ සම්මාන කිහිපයක්ද පිරිනමනු ලැබීය.



අදහස් (0)

සබරගමු පළාත් ’වසරේ හොඳම ව්‍යවසායකයා’ සම්මාන උළෙලට සෙලාන් ශක්තිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site