විමුක්ති එස් රුද්‍රිගු
අන්තර්ජාලය ඔස්සේ සැබෑ මුදල් භාවිත කරමින් සිදු කරන ක්‍රීඩා තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ඉන්දීය ලොක් සභාව පෙරේදා (20) සම්මත කළේය.
එම පනත් කෙටුම්පත මගින් සැබෑ මුදල් භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමද තහනම් වේ. එසේම වැනි සේවා සඳහා මුදල් ගෙවීම සඳහා පහසුකම් සැපයීමද එරට බැංකුවලට තහනම් ය.
පනත් කෙටුම්පත ලොක් සභාවට ගෙන එමින් තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි වෛෂ්ණව් කර සිටියේ අන්තර්ජාලය ඔස්සේ සැබෑ මුදල් භාවිත කරමින් සිදු කරන ක්‍රීඩා හේතුවෙන් සමාජයට සිදුවන අයහපතින් සමාජය ගලවා ගැනීමට මාර්ගගත ක්‍රීඩා ප්‍රවර්ධනය සහ නියාමනය සඳහා වන පනත් කෙටුම්පත ගෙන එන බවයි.
ඒ යටතේ අන්තර්ජාලය ඔස්සේ සැබෑ මුදල් භාවිත කරමින් සිදු කරන ක්‍රීඩා සපයන්නන්ට වසර තුනකට නොවැඩි සිර දඬුවමක් හෝ ඉන්දීය රුපියල් කෝටි 1 කට නොවැඩි දඩයක් නියම වනු ඇති අතර ප්‍රවර්ධනය කරන්නෙකුට රුපියල් ලක්ෂ 50 ක දඩයක් හෝ වසර දෙකකට නොවැඩි සිර දඬුවමක් නියම වුන් ඇත.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැබෑ මුදල් භාවිත කරමින් අන්තර්ජාල ක්‍රීඩා තහනම් කිරීමට ඉන්දියාව පියවර ගනී