මැයි මාසය ඇතුළත තවත් අධි සුඛෝපභෝගී බස් රථ සේවාවන් තුනක් ඇරැඹීමට ලංගමය සැරසේ.
නව සේවාවන් කොළඹ - මාතර,කොළඹ - ගාල්ල,කොළඹ - කුලියාපිටිය යන මාර්ගයන්ගේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි ලංගම සාමාන්‍යාධිකාරී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය.බස් රථ ගමනාරම්භ කරනුයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළෙනි.
ලංගමය දැනටමත් අධි සුඛෝපභෝගී බස් රථ 70 ක් පමණ ධාවනයේ යොදවයි.ද ක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම - ගාල්ල,මහරගම - මාතර, කඩුවෙල් - මාතර, කඩුවෙල - ගාල්ල, පානදුර - මාතර යන මාර්ගයෙන්ගේද, කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ, කටුනායක - කොළඹ, කුලියාපිටිය - කොළඹ, හලාවත - කොළඹ, ජාඇල - කොළඹ යන මාර්ගයන්ගේද මෙම බස් රථ ධාවනය වේ.
දැනට ධාවනයේ යෙදවෙන අධි සුඛෝපභොගී බස් රථ වලින් දිනකට රුපියල් ලක්ෂ 20 ක පමණ ආදායමක් ලංගමය උපයන බව සදහන්ය.
අධිවේගී මාර්ගයන්ගේ ආගමනයත් සමග ලංගමයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට දක්ෂ රියැදුරන් හා සුඛෝපභෝගී බස් රථ අත්‍යාවශයම කාරණයකැයි ලංගම සාමාන්‍යාධිකාරී එස්.එම්.චන්ද්‍රසිරි මහතා කීය.දැනට ලංගමය සතුව වුවමනා තරම් දක්ෂ රියැදුරන් සිටිනා බවත් ඉදිරියේදී තවත් සුඛෝපභොගී බස් රථ ලංගමයට එකතු කර ගන්නා බවත් ඔහු පැවසීය.
උතුරු හා නැගෙනහිර පළාත්ද ඇතුලූව ලංකාවේ ප්‍රධාන නගර වල සිට අධි සුඛෝපභෝගී බස් රථ සේවාවන් ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයිද චන්ද්‍රසිරි මහතා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියැදුරු සහ කොන්දොස්තර මහතුන්ටවත් මේක පිළිවෙලකට තියාගන්න බැරිද? බලන්න පුද්ගලික බස් තියාගෙන ඉන්න ලස්සන.අපේ දුම්රියත් එහෙමම තමයි.ගන්න දෙයක් නැහැ. (නි)
වාසනාවන් ලංගම වාසනාවන් //////////(දී)
සෑම් මහතාණෙනි" එදා මෙදා තුරා ලංගම රටට දුන් සේවය ඉතා අමරණීයයි. ලංගම හි ගමන් කල හැම මොහතකම මා සිතුවේ මගේම වාහනයක යනවාසේ. අද මා මගේ පෞව්ද්ගලික වාහනයක ගමන් බිමන් ගියත් හිතේ එදා තිබු සතුට නැහැ. (දී)
සුපිරි මගේ බස් දාලා ආදායම ගන්න සැළසුම් හදනවා වගේම සාමාන්‍ය මාර්ගවල සේවය දියුණු කිරීමටත් හිතන්න. ලංගම තිබෙන්නේ සුපිරි අයට විතරක් නොවේ. (නි)
ලේකම් තුමා හොඳ ව්‍යාපාරිකයෙක්. ලංගමය ලඟදීම ලාබ ලබන කප්රුකක් වේවි. (ස)
අනෙක් පාරවල් ගැනත් මේ විදියටම අවධානය යොමු කරන්න (නි)
ඉතාමත්ම වටිනා ක්‍රියාවක්. තවත් මෙවන් ක්‍රියා කිරීමට ඉදිරියේදී හැකිවේවා! (නි)
ජනතාවගේ ජීවන තත්වයත් ඉහල මට්ටමක පවත්වා ගෙන ලබන දියුණුව තමයි වටින්නේ. (ස)
කුරුණෑගල-නුවර ලංගම සාමාන්‍ය බස්රථ සේවය හා ලංගම නව ඒසී බස්රථ සේවය විශිෂ්ඨයි. මෙම සේවාවන් දිගටම මෙි ආකාරයෙන්ම පවත්වා ගැනීමට ලංගමට හැකිවෙිවා! (නදී)
ලංගම ගැන කතාකරල වැඩක් නැහැ, මම නිවාඩුවට ගෙදර යන්න මඩකලපුවෙන් නැග්ගා යාපනය බස් එකට . දෙපොලකදී බස් එක කැඩුන . මගේ ගමන පැය දෙකකින් පරක්කු උනා. රස්තියාදු වෙන්න ඕන නම් ලංගම . (අ)
හොඳට කරගෙන ගියොත් රටට වැඩදායක සේවාවක් දෙන්න පුළුවන් (නි)
ලංගමය ගොඩගන්න ජනතාව සුදානම්. නමුත් බලධාරීන් සහ ලංගම සේවකයෝ තවම සුදානම් බවක් නොපෙනේ. බස් රථ අපිරිසිදුයි, නාම පුවරු සහ මාර්ග අංක කඩදාසි කැබලිවල ලියාගෙන ධාවනය කරනවා. අවම වශෙයෙන් බස්රථ 10,000 ක් වත් ධාවනය කළ යුතුයි. (ස)
ලංගම ගොඩ ගන්න නම් හුඟක් මහන්සි වෙන්න වෙනවා. බස් රථයේ වගකීම රියදුරාට සහ කොන්දොස්තරට බාරදෙන්න ඕනෑ. හැම දිනකම ගමන් වාර අවසානයේ බස් රථයේ පිරිසිදුකම රැකීමත් ඔවුන්ටම බාර දිය යුතුයි (නි)
ලංගම ගැන ප්‍රතිචාර දක්වන ඔබ සියලු දෙනාට ස්තුතියි. ඒ වගේම ලංගම අපි මේ මාසේ 26 වෙන්දාට අලුත් වැඩක් පටන් ගන්නවා. සියලු දෙනාට දැනගන්න කියන්නේ. ලංගම ආයතනයේ තිබුනා සංචාරක ඩිපෝවක් කටුබැද්දේ. එ්ක නැවතිලා තිබුනේ. නමුත් මේ 26 වෙනිදා අපි නැවත මෙම සංචාරක ඩිපෝව ආරම්භ කරනවා කටුබැද්දේ. විදේශීය සංචාරකයන්ට මෙන්ම ලාංකීක ජනතාවටත් පුලුවන් විනෝද චාරිකා යනකොට ලංගමෙන් අධි සුපෝඛභෝගි බස්රථ හා සාමාන්‍ය බස්රථ ලබා ගන්න. ඩේකර් බස්රථ ලබා ගන්නත් පුලුවන් වෙන්නෙත් මෙම ස්ථානයෙන් තමයි. ඩෙකර් බස්රථ පාසැල් ළමුන්ට විශේෂ වට්ටම් යටතේ ලබා දෙන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ලංගමට ආදරේ කරන ඔයාලාගෙන් ඉල්ලීමක් කරනවා. අපේ ජනතාව දැනුවත් කරන්න කියලා. බස් රථ අවශ්‍ය වුනොත් කථා කරන්න. 0770026014 (නදී)
තරුණ සමුළුව දවසේ මහරගම ලොකු පෝලිමක් තිබුනා. ලංගමයට චෝගම් බස් අරගෙන පැය දෙකක් විතර මගීන් රස්තියාදු වුනා.(නදී)
ඔය ගේන බස් තව අවුරුදු 10 ක් දිව්වොත් මම මගේ දකුණු කන කපනවා අම්මපා. ඒ තරම් හොඳ චීන නිෂ්පාදන.(නදී)
දවසකට ලක්ෂ 20ක්? ඒ කියන්නේ අපි වැඩිපුර ගෙවනවා කියන එකනේ. (දී)
කමනි ඒකනම් ඔයාගෙ කරුමේ අපි යන ලංගම බස් එහෙම කැඩෙන්නෙ නෑ(දිල්)
කුරුණෑගල - කොළඹ බස් සේවාවක් දාන්න බැරිද අදිවේගය ( E03 ) හරහා. (ස)
ඔය බස් ටික හරියට තියාගත්තොත් හොඳයි. නැත්නම් වෙන්නේ එක අවුරුද්දකින් බස් ටික ඉවත් කරන්න වේවි. (නි)
ගිය සුමානේ හයිවේ එකේ ලංගම බසයකින් එද්දී බසයේ රේඩියේටරයේ වතුර නැතිව නැවතුනා. අන්තිමේ රියදුරු මහතා වැටෙන් පැනලා ගිහින් ටැප් එකකින් වතුර ගෙනවිත් දාලා ආවේ. මේ බස් නඩත්තු කරනවා අන්තිමයි. අපරාදේ මේ සම්පත් අපි රැකගත යුතුයි නේද ? (ස)
ඒකත් එහෙනම් හෙට අනිද්ද වෙන කොට ගාලු පාර වගේ තියේවි. (ස)
අරුණ , ලංගම ගොඩගන්න එක්කෙනා ගැනනම් විවාදයක් නැහැ. නමුත් ජර්මනියෙන් ගෙන්වාපු හෙන්ස්චෙල් එන්ජින් ඇතුලේ ටේප් රෙකෝඩර් තිබුනේ නම් ඔයා ඔය දුම්රිය ගොඩගන්නවා කියාපු එක්කෙනාගේ කාලේ. (නදී)
සන්තෝස දායක පුවතක් හොදයි වැඩේ (දී)
ඕන කමක් තියෙනවා නම් ලංගම පාඩු නැති තත්වයට ගෙන්න පුළුවන්.(නදී)
ලංගම ගොඩ දාන්න හොඳ අවස්ථාවක්. සාමාන්‍ය ජනතාවට යන්න ගණන් අඩු කළ යුතුයි. (ස)
ඇයි මාතර ගාල්ල බස් දාන්නේ නැත්තේ. (ස)
ලංගම බස් ප්‍රමාණය වැඩි කරනවා නම් හොඳයි. (ස)
ලංගම බස් ඇති වෙන්න තියනවා නම් මගින් ගමන් යන්නේ ඒවයින්.(නදී)
ලංගම ගොඩ ගන්න අනිල් මුණසිංහ මහත්තයම නැවත උපදින්න ඕනේ . ඒ වගේම දුම්රියට රම්පාල මහත්තයත් ඕනේ.(නදී)
ලංගම ගොඩදාගන්න පුළුවන් හරියට කලොත් . (ස)
අරුණ කියන කාරණේ ඇත්ත. එතුමන්ලා ආපහු උපදින්න ඕන. නමුත් තවමත් කැපවීමෙන් වැඩ කරලා ලංගම දුම්රිය ගොඩ දාන සේවක මහතුන් නැතුවම නොවෙයි. පාලක පක්ෂයත් සේවක පක්ෂයත් අතර සහ සම්බන්ධතාවයක් ගොඩනැගිලා දෙගොල්ලෝ උනුන් අතර සංවෙදී විය යුතුයි. නැතුව පාලකය දරදඬු වුණොත් ආයතනයක් ගොඩනගන්න අමාරු වෙනවා. ඒ වගේම පෙර වගේ ලංගම ජනහිතකාමී වෙන තරමට ආදායම විතරක් නෙවෙයි ජනතාව අතර විශ්වාශයත් වැඩිවෙලා පෞද්ගලික ඒකාධිකාරයට ඇතුල් පහරකුත් වදීවි. (ස)
සුදුස්සාට සුදුසු තැන දුන්නොත් ඕන දෙයක් ගොඩ දාන්න පුළුවන්.(ස)
අපි ඉස්කෝලේ ගියේ වෙන ගමන් බිමන් ගියේ ලංගම බස් හෝ දුම්රියෙන්. එතකොට ප්‍රයිවේට් බස් තිබුනේ නැහැ. ලංගම බස් සහ දුම්රිය නියම වෙලාවට දිව්වා. ගම්බද දුප්පත් මිනිස්සු වෙලාව බලාගත්තේ ඔරලෝසු වලින් නොවේ. බස් සහ දුම්රිය වලින්. අපේ ගෙදර ඔරලෝසුවක් තිබුනා උනත් තාම බඩු කෝච්චියවත් ගියේ නැහැ . දැන්ම හාල් ලිපේ තියන්න ඕනෑ නෑ කියලා තමා අපේ වැඩිහිටියෝ කිව්වේ. ඒ වගේ සුන්දර කාලයක් නැවත කවදාවත් ලංකාවට උදාවෙන්නේ නැති බව නම් විශ්වාසයි.(නදී)
තමන්ට ජීවන වියදම සරිකර දෙන මගී ජනතාවට උසස් සේවයක් සපයමින් විනය ගරුකව සත්‍ය ලෙසම සේවයක් සපයනුයේ ලංගම පමණි . එබැවින්ම ලංගම සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ද උසස් ජීවන තත්වයක් හිමිකරගෙන සිටින බව සමාජය පිරික්සීමෙන් මොනවට පැහැදිලිවේ. ජීවන අරගලයට මුහුණදෙන ජනතාවට ලංගම මනා සේවයක් ලබාදේ. එයට සමස්ත ජනතාවගේ සුභාසිංශන එම පවුල් වල සාමාජිකයින්ටද හිමිවේ. මිනිසුන්ට මිනිසුන්ට මෙන් නොසලකා කෙතරම් මුදල් ඉපයුවද ඒවා නිමවන්නේ මත්ද්‍රව්‍ය විකුනන්නේකුගේ පසුම්බියකිනි. පුද්ගලික බස් ජාවාරම් කරුවෝ මෙය ආදර්ශයට ගනිත්වා.(නදී)
පුළුවන් සෑම අවස්ථාවකදීම තමන්ගේ ප්‍රවාහන මාධ්‍යය ලෙස ලංගම ම තෝරාගන්න . ආරක්ෂා සහිතව ,ආත්ම ගරුත්වය සහිතව ,කලට වේලාවට ගමනාන්තය නිම කෙරුමට ලංගම ම තෝරාගන්නා ලෙස අන් අයටද ආරාධනා කරන්න. (නි)
ජය වේවා! (නි)
සේරම් ඔබ හරි පුද්ගලික බස් ජාවාරම් කරුවන්ගෙන් සේවයක් බලාපොරොත්තුවෙන්න බෑ. ලංගමය සිදුකරන සේවය අගයන්න ඕන මමත් හැකි හැමවිටම යන්නෙ ලංගම බස් වල.(නදී)
අනේ! ඉතින් අපේ බස් ගැමුණු කුමාරයට යන කල මොකක්ද? (නි)
වරුණ , අපි ගැමුණුට රියදුරු තනතුරක් දෙමු ලංගමේ.(අ)
බස් දැම්මට වැඩක් නෑ. යන වෙලාවත් දාන්න ඕන. කුලියාපිටිය අන්තිමය්. වෙලාවක් ඇත්තෙම නැහැ. (ස)
ඒසී බස් දැන්මට වැඩක් නැහැ එවා හරියට පිරිසිදු කරන් නැහැ කොන්දොස්තරන වරුන් හරිම අලසයි.(ස)
දිනය 2014/05/11. ගාල්ල කොළඹ අධිවේගි මාර්ගයේ රියදුරෙක් ෆෝන් එක ඔබ ඔබ කහ ඉර උඩ එලෙව්වා.හිටි ගමන් සිග්නල් දාලා දකුණට කැපුවා.යාන්තම් බේරුනෙ ඉස්සර කරන කාරෙකෙ වදින්නේ නෑතුව.මොහු 100 යන්නෙ 60 පාරේ යනවා වගෙ පාර මෑද. නීතියට එලවන්න පුරුදු නොවුණෙත් නිරපරාදෙ අනතුරු වැඩි ඈතක නෙමේ.මං තීරු නොකපා ධාවනය අනිවාර්ය කළ යුතුයි. එලෙස වෙනවනම් එය සිග්නල් දමා කළ යුතුයි. බලධාරින්ගේ නිසි අවදානය පිණිසයි! (ස)