කොළඹ සිට නුවර දක්වා දිවෙන අධිසුඛෝපභෝගී දුම්රිය සේවයක් ලබන 27 වැනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි.
දුම්රිය ධාවනය වනු ඇත්තේ සති අන්තයේදී පමණි. රාගම,ගම්පහ,පේරාදෙණිය හන්දිය,නුවර යන දුම්රිය ස්ථාන වල පමණක් දුම්රිය නැවැත්වෙනු ඇත.ටිකට් පතක් රුපියල් 500 ක් වැනි මුදලකට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි.
1864 වර්ෂයෙන් පසු අධිසුඛෝපබෝගී දුම්රිය සේවයක් ආරම්භ කිරීමට යන ප්‍රථම අවස්ථාව මෙය බවද සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිටවැඩිය හොදයි අපට එන්න සාමාන්‍යය දුම්රියක් දැම්මා නම්. මොකද නුවර ඉදලා එන අපි හැමදාම වැඩට එනකොට පරක්කු වෙනවා. ඒක නිසා කොළඹ- මහනුවර කාර්යාල දුම්රියක් දමන්න (නි)
මොහොමඩ් පස්රූල් නියම ශ්‍රී ලාංකිකයෙක්.(නදී)
උදේ වෙනකොට කොළඹ ඉන්න ක්‍රමයක් හදනවා නම් සැප නැතත් කමක් නැහැ. පුදුම දුකක් ඉන්ටසිටිය. හැමදා ෆුල් (නි)
නිවාඩු හා විශ්‍රාම දුම්රිය බලපත්‍ර (පලමු පන්තිය) ටිකට්පත් වලින් මෙහි ගමන් කිරීමට පුඵවන්ද දන්නෙ නැහැ.(ස)
වැඩේ නම් හොදයි
දැන් තියෙන ඉන්ටර්සිටිය පැය 3 ක් කොටනවා. මේකෙත් නම සැප වුණාට ගමන හෙමින් නම් ඇති වැඩේ මොකක්ද? (නි)
අපිට ආඩම්බර හිතෙනවා අලුත් සැප සේවය ගැන, අලුත් දුම්රිය පරිස්සම් වෙන විදියට වැඩ කටයුතු කලොත් හොදක් වේවි (නි)
අළුතින් දේවල් හදුන්වා දෙන එක ලොකු දෙයක්. නමුත් දැනට දුවන බස්,කෝච්චි ටික නියම ප්‍රමිතියට හදන එකයි පළමුව කළයුත්තේ (නි)
ඇත්තටම අධි සුඛෝපභෝගි නෙවෙයි. ටිකක් ඇතුළෙ තැම්බෙන්නෙ නැතිව යන්න තිබුනොත් ඇති.හැබැයි හවසට දාලා නම් වැඩක් නෑ. ඇත්තටම අදහස නම් නුවර අපිට හරි ආඩම්බරයක්. අනෙක් අතට පොරකන්න වෙන එකක් නෑ සතියේ සිකුරාදා දවසකටත් දැම්මොත්.(ස)
යුරෝපයේ තියන දුම්රිය වල වැඩි ඉල්ලුමක් ඇති සති අන්තයට හා විශේෂ නිවාඩු දිනවල විශේෂ ගාස්තුවකුත් අනෙක් සාමාන්‍ය දවස් වලට අඩු ගාස්තුවකුත් අය කරමින් තදබදය හා වියදම පාලනය කරගන්නවා දකින්න පුළුවන්. අපටත් හොද නැද්ද? (නි)
රංජනී කියන එක ඇත්ත. සැප මුලදී විතරයි ඊට පස්සේ අකැප තමයි.(ස)
පාල, අයියෝ සිරිපාල, සුඛෝපබෝගී කියන්නේ පහසුවට ඉඳගන්න කන්න බොන්න මළපහ කරන්න අඩුවක් නැතිව තියෙන නිසා (නි)
මහනුවරින් උදේ 5:30 ට පිටත්වී පේරාදෙණිය,පිලිමතලාව,කඩුගන්නාව සහ ඉන්පසු දෙමටගොඩ,මරදාන පමණක් නවත්වා කොටුවට උදේ 8:00 ට ලගාවෙන කාර්යාල දුම්රියක් ලබාදෙන්න. එම දුම්රියම හවස 5.15 ට කොටුවෙන් පිටත්වී 7:45 ට මහනුවරට ළගා වෙන විදිහට වැඩ කටයුතු සලස්වන්න. (අ)
පොල්ගහවෙලත් නවත්තන්න පුලුවන් නම් ගොඩක් ප්‍රයෝජනවත්. (නි)
සම්පත්,පොල්ගහවෙලට ඇති තරම් දුම්රිය තියෙනවනෙ (නි)
පටන් ගන්න එක නම් හොදයි පවත්වාගෙන යන එක තමයි වැදගත්.(නදී)
සංචාරක ව්‍යාපාරය කරන අපිට තමයි ඕකෙන් පහර වදින්නේ. සුද්දෝ ඒසී කෝච්චි තියෙද්දී ඒසී කාර් වල යන එක අඩු කරයි. සංචාරකයන්ගෙන් අය කරන ගාස්තුව වැඩි කරන්න (නි)
ඒ වෙනස හොදයි
වැඩිගානක් දීලා මිනිස්සු ඔය කොච්චියේ යයිද?(දී)
වැඩිම මගීන් පිරිසක් ඉන්න වේයන්ගොඩ නවත්වන්නෙ නැද්ද? ගම්පහ ඉන්නේ පන්ති යන ළමයිනේ ඒ අය ඔය කොච්චියේ යයිද? (දී)
ඇයි මේ දුම්රිය කියන්නේ ? සෑම වාහනයකින්ම දුම් පිටවෙනවනේ (නි)
සීසන් එකට නුවරඑලිය දක්වාම මේ සේවය ලබා දෙන එක තවත් හොඳයි.(නදී)
උදේ කොලඹට වැඩට එන කට්ටියට සීඝ්‍රගාමී කෝච්චයක් දාන්න බැරිද .උදේ 8 වෙනකොට කොලඹට එන සීඝ්‍රගාමී කෝච්චියක් තවම දාන්න බැරි උනානේ. අපේ බෝඩිම් ගාස්තුවත් ඉතුරු වෙනවා උදේ හවස ගෙදර යන්න තියනවනම්.(නදී)
සතියේ දවස් වලත් ආවා නම් මගීන්ට හරි පහසුවක් වේවි. නැත්නම් එම දුම්රියට පුදුම විදියට පොරකන්න සිදුවෙනවා (නදී)
අදි සුඛෝපභෝගී කියන්නේ මොන ප්‍රමිතියට සාපෙක්ෂවද?. මොකෝ අපේ රටේ ඔලුව තියන්ට ඇඳක් හයි කරලා විදුරු ටික කළු කරපු ගමන් සුඛෝපභෝගී කියනවා. ඒකට තව වායු සමීකරණ දාපු ගමන් අදි සුඛෝපභෝගී කියනවා.(නදී)
ආදී සුඛෝපභෝගී කිවේ වෙන රටවල් කොච්චි වල වගේ ලෝකේ ඕනෑම කෑමක්, වායුසමීකරණ,කොපි අවන්හල්,ඇති නවීන වැසිකිලි,නිදා ගැන්මට සුකොපබෝගී කාමර,උණුවතුර,තරු පහේ හෝටල් වල මෙන් බෝජනාගර සේවයක් සහ අනෙකුත් ලෝක මට්ටමේ පහසුකම් තිබේද එසේ නැති නම් තවත් ඇස් බැන්දුමක්ද?.(නදී)
සතිය මැදත් දවසක්වත් දැම්මා නම් තමා හොද (නි)
දැනට දුවන සුඛෝපභෝගී එකේ එකේ මූලික පහසුකම් වත් නැහැ. දාන්න යනවා අධි සුඛෝපභෝගී. ඔක්කොම ඇති එකාට තමයි. පොඩි මිනිහට හැමදාම කබල් කොච්චි.(නදී)
උදේ හතට කොළඹ ඉදලා යන්න කෝච්චයක් දාන්න. නුවරට 9.30 ගියාම ඇති. හවස ගිහින් මිනිස්සු කොහේ එන්නද. උදේ බැහැල මාලිගාව වැදලා 5.30 එන්න පුළුවන්නේ.(නදී)
සුඛෝපභෝගී බස් වලට වුණ දේ නොවේවා ! පටන් ගත්තේ ආසන ගණනට විතරයි. අයකිරීම දෙගුණයක්.නවත්වන්නේ ගමනාන්තයේ පමණි. දැන් අය කිරීම දෙගුණයක්. හැමතැනම නවත්වනවා.පොල් පටවලා වගේ පුරවලා ජම්පින් සීට් දාලා තව කීප දෙනෙක් ඔඩොක්කුවෙත් ඉන්දවලා ටික දුරක් ගිහාම ඒ සී එකත් නවත්වනවා. මේවට විරුද්ධව කතාකරොත් ටිකට් එකේ ගාන දීලා මග බස්සනවා. බහින්නේ නැතුව කොන්දට කන පැලෙන්න දුන්නොත් බස් වර්ජනය කරනවා. නීතිය තියෙන්නේ වල් වැදිලා. (නි)
අදහස හොඳයි. නමුත් මහමග ප්‍රමාද වෙන්නේ නැතුව නියම කාල සටහනකට සහ අධි සුඛෝපභෝගී කියන නියම ප්‍රමිතිය ඇතුව තියෙන්නට ඕනෑ. ඒක නමට විතරක් නොවෙයි. නැත්නම් අපි කොළඹ නුවර ඉන්ටර්සිටියේ ලොකු ගානක් දීලා ටිකට් අරන් මග නැවති නැවති යනවා වගේ ගියොත් වැඩක් නැහැ (නි)
සැප දුම්රිය කියාවී නමුත් ඔය කියන සැප මුල් දවසේ පමණි. නානුඔයේ සිට කොලඹට යන දුම්රිය පළවැනි පන්තියේ ටිකට් එක රුපියල් 1500 යක්. වැසිකිලි ගද උහුලන්න බැහැ මුලු දුම්රිය පුරාම. වැසිකිලියකට යන්න බැහැ.ඔය කියන සැප දුම්රියත් එහෙමද?(නදී)
සැප නැතත් කමක් නැහැ. පැය දෙකෙන් යන්න පුළුවන් නම් නුවරට. නුවර අපිට හරි ආඩ්මබරයි. සැප නැතත් අපිට කාලය වටිනවා වෙහෙසත් අඩුයිනේ. (නදී)
වැඩේ නම් බොහොම හොඳයි. මම දන්නා විදිහට මේ සඳහා යොදවන්නේ මාස කිහිපයකට කලින් චීනයෙන් ගෙන් වූ 12 පන්තියේ සැප දුම්රිය. හැබැයි මේවා ගෙනාවේ නම් සංචාරක කර්මාන්තය සඳහා. (නදී)