IMG-LOGO

සොඳුරු දිරියවන්ති කේශ පළඳනා පරිත්‍යාගය කුරුණෑගල හා අනුරාධපුර රෝහල්වලදී

2020 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ 75,000කට අධික පිළිකා රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර, ඉන් සියයට 57ක් ම කාන්තාවෝ වෙති. රසායනික චිකිත්සා ප්‍රතිකාරයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස හිසකෙස් ‍ගැලවී යාම මේ කාන්තාවන් මුහුණ දෙන එක් අභියෝගාත්මක අත්දැකීමකි. මේ තත්ත්වය හේතුවෙන් පීඩා විඳින කාන්තාවන්ගේ මානසික කම්පනය අවබෝධ කර ගනිමින් සහ හිසකෙස් අහිමි වීම හා සම්බන්ධ සමාජ දුර්මත බිඳ දැමීමට සහය වීමේ අරමුණ පෙරදැරි කර ගනිමින්  කුමාරිකා, “සොඳුරු දිරියවන්ති”‍ වැඩසටහන ආරම්භ කරන ලදී.

පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාවන් වෙනුවෙන් ස්වභාවික හිසකෙස් පළඳනා ලබාදීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කරන ලද අතර, සෑම කාන්තාවක්ම එක ලෙස සුන්දරත්වය දරන බව පසක් කරමින්  සොඳුරු දිරියවන්ති ප්‍රථම වැඩසටහන 2021 ඔක්තෝබර් 05 වැනි දින දියත් කරනු ලැබීය.

කුමාරිකා, පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාවන් සඳහා වාර්ෂිකව හිසකෙස් පළඳනා 6000ක් පරිත්‍යාග කිරීමට සැලසුම් කරයි. ඉන්දිරා පිළිකා භාරය, අලු‍ත්ගම, බෙන්තොට හා ගල්කිස්ස සිංහ සමාජයන් සමඟ එක්ව සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා පිළිකා රෝග විද්‍යාලයේ සහයෝගය සමඟින් කුමාරිකා මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබයි. 2021 නොවැම්බර් මස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දී සිදු කළ ප්‍රථම පරිත්‍යාගයෙන් පසුව 2021 නොවැම්බර් 23 සහ 24 යන දිනයන් හි දී පිළිවෙළින් කුරුණෑගල රෝහලට සහ අනුරාධපුර රෝහලට හිසකෙස් පළඳනා පරිත්‍යාග කරන ලදී.

සොඳුරු දිරියවන්ති ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා පිහිටි තවත් ජාතික රෝහල්, මහ රෝහල්, මූලික රෝහල් සහ ශික්ෂණ රෝහල් කිහිපයකට හිසකෙස් පළඳනා 50ක කාණ්ඩ පරිත්‍යාග කර ඇත.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (1)

සොඳුරු දිරියවන්ති කේශ පළඳනා පරිත්‍යාගය කුරුණෑගල හා අනුරාධපුර රෝහල්වලදී

H.m.r.t.herath Saturday, 10 September 2022 09:24 AM

මමත් කැමති මගේ කොණ්ඩය දන් දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site