IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සුනිල් ෂෙට්ටි ඇතුළු බොලිවුඞ් තරුවලින් හැඩ වෙන “Signature Diwali Glitz” සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා හිදී

සුපිරි බොලිවුඩ් රංගන ශිල්පියකු වූ සුනිල් ෂෙට්ටි සමගින් ජනප්‍රිය බොලිවුඞ් තරු සහභාගී වන සුවිශේෂී Signature Diwali Glitz ප්‍රසංගය ඔක්තෝබර් 23 සිට 25 දින දක්වා කොළඹ City of Dreams Sri Lanka හිදී පැවැත්වීමට නියමිතය. ඒ සමග දීපවාලී උත්සවය සමගින් අමතක නොවන අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට උදා කර දීමට City of Dreams Sri Lanka සමත් වනු ඇත.
මීට සමගාමීව ජාත්‍යන්තර කීර්තියට පත්  Kathak Rockers  විසින් පවත්වනු ලබන කතක් නර්තන ප්‍රසංගයකින් ඔක්තෝබර් 23 වැනි දින මෙම උත්සවය ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ආකර්ෂණීය නර්තන කලා සමගින් රසිකයන් අමන්දානන්දයට පත් කිරීමට ඔවුහු සූදානමින් සිටිති.
ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳගත් නාගීන් හි 4 වැනි අදියරේ ප්‍රධාන චරිතයට පණ පෙවූ රූමත් ඉන්දියානු නිළියක් සහ නිරූපිකාවන් වන නියා ශර්මා විසින් මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිත සුවිශේෂී රංගනයද පැමිණෙන්නන්ට කදිම ආශ්වාදයක් එක් කරනු නිසැකය. ආකර්ෂණීය රංගන හා නර්තන හැකියාවන්ගෙන් පරිපූර්ණ නියා ඔක්තෝබර් 24 වැනි දින පැවැත්වීමට නියමිත Signature Diwali Glitz  ප්‍රසංගයේදීද සිය හැකියාව ප්‍රදර්ශනය කිරීමට සූදානමින් සිටියි.
දශක 3කට අධික කාලයක් තිස්සේ චිත්‍රපට 100කට වැඩි ගණනකින් ඉන්දීය මෙන්ම ශ්‍රී ලාංකේය රසික හදවත් දිනාගත් සුනිල් ෂෙට්ටි ඔක්තෝබර් 25 වැනි දින පැවැත්වෙන Signature Diwali Glitz හි අවසන් දින රාත්‍රියට සහභාගී වනු ඇත්තේ නරඹන්නන්ට තවත් නැවුම් අත්දැකීමක් එක් කරමිනි.  Mohra, Dilwale, Border  වැනි සුපිරි චිත්‍රපට රැසක මෙන්මHera Pheri iy Phir Hera Pheri  යනාදී විකට සිනමා පටවල අමතක නොවන රංගන හැකියාව ප්‍රදර්ශනය කළ සුනිල් ෂෙට්ටි City of Dreams Sri Lanka  වේදිකාව මත සජීවීව දැක ගැනීමේ විරල අවස්ථාව එදින රසිකයන්ට උදා වේ.

 



අදහස් (0)

සුනිල් ෂෙට්ටි ඇතුළු බොලිවුඞ් තරුවලින් හැඩ වෙන “Signature Diwali Glitz” සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා හිදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site