
මෙරට මෝටර් වාහන හා යතුරුපැදි නිෂ්පාදන සහ අලෙවි ක්ෂේත්‍රයේ සාර්ථක සමාගමක් වන සෙනාරෝ මෝටර් කම්පැනි පෞද්ගලික සමාගම 22 වැනි සංවත්සරය අභිමානවත්ව සැමරුවේය. සෙනාරෝ අත්දැකීම් මධ්‍යස්ථානය (Senaro Experience Lounge) විවෘත කිරීම සහ සෙනාරෝ Click 150 ස්කූටරය වෙළෙඳපොළට නිකුත් කිරීමද ඊට සමගාමීව සිදු විය. උත්සව අවස්ථා දෙකම යූනියන් පෙදෙසේ පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සිල්වා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් ඊට සහභාගී වූහ. 2003දී යතුරුපැදි ආනයන සමාගමක් ලෙස ඇරැඹුණු සෙනාරෝ සමාගම වර්තමානයේදී පුළුල් පරාසයක වාහන මාදිලි කිහිපයක්ම වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. එම සමාගම වර්ග රැසක වාහන හා යතුරුපැදි නිෂ්පාදනය හා එකලස් කිරීම සිදු කරයි. ශ්‍රී ලංකා රජය පිරිනමන නිෂ්පාදන සහ එකලස් කිරීමේ බලපත්‍රයක් ලැබීම ඔවුන් මෑතකදී ලැබූ සුවිශේෂ ජයග්‍රහණයකි. කර්මාන්ත අමාත්‍යංශයේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට (SOP) අනුව ක්‍රියාත්මක වන එම බලපත්‍රය ලැබීමෙන් දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට සහ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔවුන් සතු කැපවීම පිළිබිඹු වේ.
සෙනාරෝ GN 125 යතුරුපැදි එකලස් කරමින් එම සමාගමේ එකලස් කිරීමේ ව්‍යාපාර කටයුතු ආරම්භ විය. එය ඉතා කෙටි කාලයකින් පාරිභෝගික ආකර්ෂණය දිනූ අතර වර්තමානයේදී වැඩියෙන්ම අලෙවි වන නිෂ්පාදනයක් වී ඇත. බහු ජාතික සන්නාම රැසක් සමඟ සාර්ථක ලෙස තරග කරන සෙනාරෝ සියයට 100ක් ශ්‍රී ලාංකික සන්නාමයකි. සෙනාරෝ Click 150 ස්කූටරය වේගයෙන් වර්ධනය වන ස්කූටර් වෙළෙඳපොළේ ප්‍රබල තරගකරුවෙකු බවට නිසැකවම පත් වනු ඇත.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙනාරෝ 22 වැනි සංවත්සරයට නව අත්දැකීම් මධ්‍යස්ථානයක් සහ Click 150 ස්කූටරය එළිදකී