IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සන්මැච් නිර්මාතෘ සමරා 240 වැනි කෘත්‍රිම පාදය පරිත්‍යාග කරයි


මෙරට ඉටි ආලේපිත ආරක්ෂිත ගිනිකූර හඳුන්වා දුන් සූර්යා සන්නාමයේ  “සන්මැච්“ සමාගමේ නිර්මාතෘ දිවංගත ටී.ආර්.ආර් රාජන් මහතාගේ 22 වැනි අනුස්මරණ සංවත්සරය වෙනුවෙන් 240 වන කෘත්‍රිම පාදය පරිත්‍යාග කිරීමේ උත්සවය පසුගියදා පැවැත්විණි.

  “නැවත ඇවිදිමු“ නමින් නම් කර ඇති මෙම සමාජ සත්කාරක වැඩසටහන වරප්‍රසාද අහිමි අත් පා නොමැති ප්‍රජාව  වෙනුවෙන් කෘත්‍රිම අත් පා ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ.  අත්පා අහිමි ජනතාවගේ තීරණාත්මක අවශ්‍යතාය සපුරාලීම සහ එම පුද්ගලයන්ට නව ජීවයක් ලබා දීම වැඩසටහනේ අරමුණ වේ.

මෙම සත්කාරය සන්මැච් ආයතනයේ නිර්මාතෘ දිවංගත ටී.ආර්.ආර් රාජන් මහතාගේ හදවතේ පැළ වූ සංකල්පයකි. සමාජය තුළ එතරම් අවදානයකට බඳුන් නොවන මෙම සුවිශේෂී ප්‍රජාවගේ උවමනාවන් නිසි ලෙස අවබෝධ කරගනිමින් ඒ මහතා විසින් අරඹන ලද මෙම සත්ක්‍රියාව ඒ මහතාගේ 22 වන ගුණානුස්මරණය සමරණ මේ මොහොත දක්වා නොකඩවා පැවැත්විය.

සන්මැච් සමාගම ශ්‍රී ලංකාවේ ගිනි කූරු නිෂ්පාදනයේ හැරවුම් ලක්ෂය වූ සූර්යා ගිනි පෙට්ටි, සූර්ය හඳුන්කූරු, සූර්යා ඉටිපන්දම් සහ සූර්යා සාම්බ්‍රානි ඇතුළු පාරිභෝගික භාණ්ඩ රැසක් නිෂ්පාදනය කරමින් විවිධාංගීකරණය වූ සමාගමකි.  



අදහස් (0)

සන්මැච් නිර්මාතෘ සමරා 240 වැනි කෘත්‍රිම පාදය පරිත්‍යාග කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site