IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සන්නිවේදනයේ දියුණුවට 2028දී තවත් අමතර කුලුනු 7,000 ක අවශ්‍යතාවක්

මෙරට ප්‍රථම විදුලි සංදේශ යටිතල පහසුකම් සේවා බලපත්‍රය EDOTCO ආයතනයට


භානුක අමරසිංහ


වසර 2028 වන විට ශ්‍රී ලංකාවේ 5ඨ අපේක්ෂාව සහ දත්ත භාවිතය සිව් ගුණයකින් වැඩි කිරීමේ සැලසුම් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පරතරය පියවීමට නම් රට තුළ තවත් අමතර සන්නිවේදන කුලුනු 7,000 කට වඩා පිහිටුවීමේ අවශ්‍යතාවක් පවතින බව EDOTCO Services Lanka (Private) Limited හි කළමනාකාර අධ්‍යක්ෂ ගයාන් කෝරලගේ මහතා පවසයි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙරට පළමු විදුලි සංදේශ යටිතල පහසුකම් සේවා බලපත්‍රය ආසියාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ විදුලි සංදේශ යටිතල පහසුකම් සමාගමක් වන EDOTCO සමූහය වෙත පිරිනැමීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එම සමූහයට අනුබද්ධිත සමාගමක් ලෙස EDOTCO Services Lanka (Private) Limited ආයතනය වෙත මෙම බලපත්‍රය පිරිනැමීම සිදු විය. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත්, ජනාධිපතිවරයාගේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. 
මෙලෙස රජය විසින් ස්වාධීන, මධ්‍යස්ථ-කුලුනු සමාගම් හි සහාය ලබාගැනීමත් සමග එය ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ අංශයේ ඓතිහාසික වෙනසක් සනිටුහන් කරනු ඇතැයි රජය පවසයි. මේ හරහා සම්බන්ධතා ව්‍යාප්තිය වේගවත් කිරීම, යටිතල පහසුකම් බෙදාගැනීම, වැඩිදියුණු කිරීම සහ රට පුරා සියලු‍ දෙනා ආවරණය වන ලෙස ඩිජිටල් ප්‍රවේශය පුළුල් කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.
“මෙම මුලපිරීම යටිතල පහසුකම් අනුපිටපත්වීම අවම කිරීම, එක් එක් ක්‍රියාකරුට වෙනම කුලු‍නු තැනීමේ අවශ්‍යතාව අඩු කිරීම අරමුණයි. මෙය මූල්‍ය හා භූගෝලීය සම්පත් කළමනාකරණය කිරීම පමණක් නොව පාරිසරික තිරසාරභාවටද හේතු වේවි.” රජය පවසයි.
මෙලෙස බෙදාගත් යටිතල පහසුකම් කුලුනු ඉදිකිරීමේදී අදාළ සමාගම් වෙත ප්‍රතිලාභ හිමි වන බවත්, එමගින් පාරිභෝගිකයන් සඳහා වන සම්බන්ධතාවේ පිරිවැය අඩුවීමත් අපේක්ෂාවයි. එසේම සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීම සහ අඩු සේවා සහ සේවා නොලබන ප්‍රදේශවලට සේවා සැපයීම සඳහා සේවා සම්පාදයකයන්ට අවස්ථාව හිමි වනු ඇතැයිද රජය සඳහන් කරයි.



අදහස් (0)

සන්නිවේදනයේ දියුණුවට 2028දී තවත් අමතර කුලුනු 7,000 ක අවශ්‍යතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site