බැංගලෝරයේදී ඇරඹූ ‘ගෙට් ශ්‍රී ලංකන්‘ තුන් දින සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේදී හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සංචාරක තානාපතිවරයෙකු ලෙස පත් කර ඇත.
ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ශ්‍රී ලංකාව පිළිබඳ පළමු සංචාරක ප්‍රවර්ධන වැඩසටහන මෙයයි.
බැංගලෝරයේ ටාජ් හෝටලයේදී මෙම වැඩසටහන පැවැත්විනි. එය ශ්‍රී ලාංකීය රාත්‍රිය නමින් හඳුන්වා තිබූණි. ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් සහ සංචාරක නියෝජිතායතනවලින් 300කට අධික පිරිසක්, ඉන්දීය නළු නිළියන් රැසක් ද මෙයට එක් වූහ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම්, ඉන්දියාවේ චෙන්නායි හි නියෝජ්ය මහ කොමසාරිස් ආචාර්ය අමීර් අජ්වාඩ්, උද්හිද උද්යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්යාංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ, ශ්‍රී ලංකා සංචරණ ආයතනයේ සභාපති භාෂ්වර ගුණරත්න, ශ්‍රී ලංකා අත්කම් මණ්ඩලයේ සභාපති අනිල් කොස්වත්ත, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකරණ අධ්යඅක්ෂ රූමි ජවුෆර් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරුන් මේ සඳහා එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ පාලනය කරගන්න අමාරුම අමුත්තන් ඉන්නේ ඉන්දියාවේ. (නි)
රට දියුණු වෙන්න නම් විදේශ විනිමය අවශ්‍යයි. (නි)
අර්ජුනත් රටට අවශ්‍ය කෙනෙක්. පක්ෂ පාට නොබලා ඔහුගෙනුත් වැඩක් ගතයුතුයි. (ස)
අර්ජුන,ඔබගේ සේවය අපේ රටට තව දුරටත් අවශ්‍යයි. (නි)
තිලක් සමග මමත් එකගයි..!(නු)
සනාත් වඩාත් සාර්ථක වුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙනුයි. (නි)
තිලකගේ, දැන් කොහොමහරි අර්ජුනට ක්‍රිකට් සභාපතිකම දෙන්න යනවා. ඊට පස්සේ ඇමති කමකුත් දෙනවා. ඒ නිසා ඕකතරම් අපිට අර්ජුනගෙන් වැඩ ගන්න පුලුවන්.(නදී)
ලංකාවේ හිටපු ක්‍රිකට් ප්‍රවීණයෝ (දී)
සුභපැතුම් ඔබ දෙදෙනාටම (දී)
මේ ලක් මාතාව බිහිකළ විශිෂ්ට තරු දෙන්නෙක් (දී)
ලෝකයේ ජනප්‍රිය පුද්ගලයින් දෙදෙනෙක් ඉන්නේ. පක්ෂ පාට අත්ඇරලා රටේ දියුණුවට වැඩක් ගන්න.(නදී)
ඉන්දියාවට විතරක් මදි. යුරෝපයටත් ගියාම තමයි සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන් වෙන්නේ.(නදී)
ලංකාවට එනකොට අර්ජුන සෑහෙන හොද තත්ත්වයකට පත්වෙලා සිටිවී කියලා මට හිතෙනවා. (නි)
අර්ජුන සර්, ඔයා හොද රත්තරන් මනුස්සයෙක්. (නි)
මේ ක්‍රීඩකයෝ දෙන්නා කළේ ලොකු වැඩක්. (නි)
කවුරු මොනවා කිවුවත් අපේ ලංකාවේ නම ලෝකයේ හැමතැනම වැඩිපුරම කතාබහට ලක්වුණේ ක්‍රිකට් නිසා. (නි)