IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


සෞදි වාණිජ මණ්ඩල නාමාවලියේ ලාංකීය සමාගම් අලුතින් ලැයිස්තුගත කරයි

( තිළිණි ද සිල්වා)

සෞදි අරාබියේ රියාද් වානිජ මණ්ඩල නාමාවලියේ ශ්‍රී ලාංකීය සමාගම් අලුතින් ලැයිස්තුගත කිරීම් එරට රජය පියවර ගෙන ඇතැයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

රියාද් වානිජ මණ්ඩලයේ අන්තර්ජාතික වෙළද සංගමයේ සහයෝගීතාව යටතේ සෞදි සමාගම් හා ව්‍යාපාර සම්බන්ධතා පවත්වා ගැනීමට උනන්දුවන ශ්‍රී ලාංකික සමාගම් වලට පහසුකම් සැලසීම හා සහයෝගය ලබා දීමේ අරමුණෙන් මෙම ලැයිස්තුගත කිරීම සිදු කෙරෙන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා වානිජ මණ්ඩල වල හා ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ ලියාපදිංචි ශ්‍රී ලාංකීය සමාගම් වලට https://www.chamber.sa/Business/Pages/SriLanka.aspx යන වෙබ් ලිපිනයෙන් මෙම ලැයිස්තුගත කිරීම් වලට එක්විය හැකි බවද එම තානාපති කාර්යාලය කියා සිටී.

තවද අවස්ථාව මඟින්  ශ්‍රී ලාංකික සමාගම් වලට සෞදියේ සංචාරක වෙළඳපොළ අවස්ථා හා එරට සමාගම් හී සෘජු අයෝජන අවස්ථා උදාකර ගැනීමට හැකිවනු ඇතැයි ද සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දේ.

සෞදියේ ශ්‍රී ලාංකික සමාගම් ලැයිස්තුගත කිරීම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා විදේශ සබඳතා අමාත්‍යාංශ්‍ය ආරම්භ කළ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩපිළිවෙළකි.

 



අදහස් (3)

සෞදි වාණිජ මණ්ඩල නාමාවලියේ ලාංකීය සමාගම් අලුතින් ලැයිස්තුගත කරයි

Danika Sunday, 20 September 2020 11:27 AM

සියල්ලක්ම හරි.. නමුත් තානාපති කාර්යාලයේ කවුරුවත් ටෙලිෆෝන් වලට උත්තර දෙන්නේ නැහැ.

:       0       0

upali Sunday, 20 September 2020 04:57 PM

සෞදියේ මොන සංචාරක කර්මාන්තය ගැනද කතාකරන්නේ.?

:       55       0

sameeraWednesday, 23 September 2020 11:57 AM

නොදන්න දේවල් කතා නොකර ඉන්නවා නම් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 162 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 650 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1056 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site