IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සණස ලයිෆ් රක්ෂණ සමාගමෙන් 2025 Future Minds ප්‍රදර්ශනයට නිල රක්ෂණ අනුග්‍රාහකත්වය

ශ්‍රී ලංකාවේ අනාගත පරපුර  බල ගැන්වීම වෙනුවෙන් කැප වූ සණස ලයිෆ් රක්ෂණ සමාගම අඛණ්ඩව සිව් වැනි වසරටත් Future Minds ප්‍රදර්ශනයට අනුග්‍රහය දැක්වීය.
 සමාගමේ මානව සම්පත්, ආයතන / උපාය මාර්ග හා අවදානම් කළමනාකරණ සහ නියෝජිතායතන සංවර්ධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී නිලන්ත පියසේන මහතා මෙසේ පැවසීය. “වාර්ෂිකව පවත්වන Future Minds ප්‍රදර්ශනය ආරම්භයේ සිටම සහයෝගය දීමට සණස ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු කරනවා. රැකියා වෙළෙඳපොළ ඉල්ලු‍මට සරිලන ආකාරයෙන්  වෘත්තිකයන් හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය බල ගන්වමින් සිසු සිසුවියන්ට ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට පැහැදිලි මාවතක් විවර කිරීම අපගේ අරමුණයි. මෙම ප්‍රදර්ශනයට සහයෝගය දීම අනාගත පරපුර බල ගැන්වීම වෙනුවෙන් වන අපගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට විශාල ශක්තියක්. ඔවුන්ට ඔවුන්ගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට, ආදායමක් උපයා ගැනීමට අවස්ථාව උදා කර දීමට මෙන්ම අපගේ විශේෂිත අධ්‍යාපන පාඨමාලාවලට ප්‍රවේශ වීමේ අවස්ථාව උදා කර දීමට අපි කටයුතු කරනවා. ඒ වාගේම අඛණ්ඩ අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම, වෘත්තීය දියුණුව සහ පෞද්ගලික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට මෙරට සිසු සිසුවියන්ට අවස්ථාව උදා කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කටයුතු කරනවා.”
Future Minds ප්‍රදර්ශනය හරහා සිසු සිසුවියන්ගේ උසස් අධ්‍යාපන අපේක්ෂා සහ වෘත්තීය මාර්ගෝපදේශනය ඒකාබද්ධ වන පරිසරයක් නිර්මාණය කරන නිසා ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන අවස්ථා සඳහා යොමු වීමට සහාය මෙන්ම උපදේශනය ලැබෙයි. මෙම ප්‍රදර්ශනය ජුනි 6 සිට 8 දක්වා කොළඹ BMICH හිදීත් ජුනි 14 සහ 15 මහනුවර KCC පරිශ්‍රයේදීත් පැවැත්විණි. Future Minds 2025 ප්‍රදර්ශනයට සහයෝගය දීම තුළින් මෙරට තාරුණ්‍යය බල ගැන්වීම වෙනුවෙන් වන අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම අපගේ අපේක්ෂාවයි.” පියසේන මහතා වැඩි දුරටත් පැවසීය. 

 



අදහස් (0)

සණස ලයිෆ් රක්ෂණ සමාගමෙන් 2025 Future Minds ප්‍රදර්ශනයට නිල රක්ෂණ අනුග්‍රාහකත්වය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1982 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site