IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


සණස ලයිෆ් රක්ෂණ සමාගම ‘සණස හීන ලන්තය’ ලෝක ළමා දින වැඩසටහන පවත්වයි

ප්‍රධාන අලෙවි නිලධාරී මහේෂ් වික්‍රමතුංග

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමාගම මෙවර ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් ‘සණස හීන ලන්තය’ නමින් සුවිශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. මෙරට ජනාදරය දිනා සිටින රංවල බලකාය සමඟ එක් වී ‘ළපදරු’ යන තේමාව යටතේ පර්ල් බේ පරිශ්‍රයේදී දියත් කෙරුණු මෙම ළමා දින වැඩසටහන චිත්‍ර ඇඳීම, චිත්‍රපට නැරැඹීම, ගී ගැයීම මෙන්ම නවතම තාක්ෂණික අත්දැකීම් ලැබීම ආදී වශයෙන් ළමා මනස පිනවන ක්‍රියාකාරකම් රාශියකින් සමන්විත විය. 
දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සුබසාධනය පිළිබඳව ලෝක වාසී සියලු‍ දෙනාට සිහිපත් කරවන ඉතා වැදගත් දිනයක් වන ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් වාර්ෂිකව විවිධ වැඩසටහන් සංවිධානය කරන සණස ලයිෆ් රක්ෂණ සමාගම මෙරට දරු පරපුර බල ගැන්වීම වෙනුවෙන් සුවිශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලාංකේය ජනතාව බල ගැන්වීම වෙනුවෙන් විවිධ සමාජ සත්කාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සණස ලයිෆ් රක්ෂණ සමාගම ළමා පරපුර වෙත විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම, වෘත්තීය දියුණුව සහ පෞද්ගලික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට අවස්ථා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වේ. සණස ලයිෆ් රක්ෂණ සමාගම ළමා පරපුර වෙනුවෙන් විවිධ අධ්‍යාපන හා ජීවිත රක්ෂණ සැලසුම් හඳුන්වා දී ඇත. ‘සෙනෙහස’ ළමා රක්ෂණාවරණය ඒ අතරින් විශේෂ වේ. සුරක්ෂිත හා නිරෝගී දරු පරපුරක් බිහි කිරීම ඉලක්ක කර සණස ලයිෆ් රක්ෂණ සමාගම ‘කිරිකැටි සිහින’ නමින් ගර්භණී මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ පහ වසර ශිෂ්‍යත්වය ඉලක්ක කර ‘සණස ලයිෆ් සෙනෙහසේ පහේ හපන්නු’ නමින් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවක්ද පවත්වයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සණස ලයිෆ් රක්ෂණ සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මහේෂ් වික්‍රමතුංග මහතා මෙසේ පැවසීය. ”‍සණස ලයිෆ් රක්ෂණ සමාගම අධ්‍යාපනය යන තේමාව යටතේ සමාජ සත්කාර වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. මේ හරහා නැණවත් අනාගත පරපුරක් ශ්‍රී ලාංකේය ජාතියට දායාද කිරීම අපගේ අරමුණයි. මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් රංවල බලකාය සමග එක් වී දියත් කළ ‘සණස හීන ලන්තය’ ලෝක ළමා දින වැඩසටහන උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට අපි කටයුතු කළා. එය දරු දැරියන්ගේ ආකර්ෂණය දිනා ගත් සුවිශේෂ වැඩසටහනක් වුණා. සාම්ප්‍රදායිකත්වය ඉක්මවූ රක්ෂණ සමාගමක් විදියට සණස ලයිෆ් රක්ෂණ සමාගම ජීවිත අවදානමට ආවරණය දීමෙන් ඔබ්බට යමින් සාමාජීය වගකීම් ඉටු කිරීමට සහ දරුවන්ගේ යහ පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීමට නිරන්තරයෙන් කැප වෙනවා. අනාගතයේදීත් රටේ දරු දැරියන්ට ආරක්ෂිත අනාගතයක් නිර්මාණය කර දීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා.
ලෝක ළමා දිනය යනු හුදෙක් සැමරීමක් පමණක් නොවන බවත්, එය සමස්ත දරු පරපුරට ආදරය, රැකවරණය සහ ශක්තිය දිය යුතු බව සිහිපත් කර දෙන සුවිශේෂ දිනයක් බවත් අවධාරණය කරන සණස ලයිෆ් රක්ෂණ සමාගම මෙරට දරු දැරියන් බල ගැන්වීම වෙනුවෙන් සෑම දිනකම කැප වන බවද අවධාරණය කරයි. සණස ලයිෆ් රක්ෂණ සමාගම විශ්වාස කරන්නේ රක්ෂණය යනු ගිවිසුමක් පමණක් නොවන බවත්, ජීවන ගමනේ අනාගත ආරක්ෂාව සලසන විශ්වාසනීය මිතුරෙකු බවත්ය.



අදහස් (0)

සණස ලයිෆ් රක්ෂණ සමාගම ‘සණස හීන ලන්තය’ ලෝක ළමා දින වැඩසටහන පවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site