IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සංචාරකයන්ට රියැදුරැ බලපත්‍ර ලබාදීමෙන් සංචාරක රුකියා රුසක් අවදානමේ

තාවකාලික රියැදුරැ බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුව හරහා මේ දක්වා යතුරැ පැදි සහ සැහැල්ලු‍ වාහන සඳහා බලපත්‍ර 2,000කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරලා
අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුව වසා දමා එය තොරතුරැ කවුළුවක් බවට පත්කරන්න යෝජනා


භානුක අමරසිංහ


මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළේදී තාවකාලික රියැදුරු බලපත්‍ර ලබාදීමට පියවර ගැනීමෙන් සංචාරක රැකියා රැසක් අවදානමට ලක්ව තිබෙන බවත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු බලධාරියකු පියවර ගෙන නොමැති බවත් සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය චෝදනා කරයි.
මෙම කරුණ සම්බන්ධයෙන් ඔවුන් මේ දක්වා ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ සංචාරක අමාත්‍යාංශයේ බලධාරීන් දැනුවත් කර ඇති අතර, පසුගියදා ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද ගොස් සිය ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. 
“අපි පසුගිය සති අන්තයේදී සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළා. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා හමුවෙලා කරුණු කිව්වා. ඒත් ඔහු නිහඬයි. අන්තිමේදී අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් මේ ගැන කිව්වා. එතැනදී හොඳ ප්‍රතිචාර ලැබුණත්, තවමත් අපට ප්‍රමාණවත් පිළිතුරක් ලැබිලා නෑ.” යනුවෙන් එම සංගමයේ කැඳවුම්කරු ලාල් ජයවික්‍රම මහතා ‘ලංකාදීප FT’ වෙත පවසා සිටියේය.
මෙම ගැටලු‍වට පිළියම් ලෙස ගුවන් තොටුපොළේ පිහිටුවා ඇති අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුව වසා දමා එය තොරතුරු කවුළුවක් බවට පත් කළ යුතු බවත්, පෙර පරිදි සංචාරකයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම වේරහැරදී සිදුකළ යුතු බවත් ඔවුන් පවසයි. මෙම කවුළුව හරහා උපරිම මාස පහක කාලයක් සඳහා තාවකාලික බලපත්‍ර නිකුත් කරයි. එහිදී එක් තාවකාලික රියැදුරු බලපත්‍රයක් සඳහා මාසයකට අයකරන ගාස්තුව රුපියල් 2,000කි. මාස දෙකකට එය රුපියල් 4,000ක් වන අතර, මාස තුනකට එය රුපියල් 6,000 කි. මාස හතරකට 8,000ක් ලෙසත් මාස පහකට 10,000ක් ලෙසත් එය මිල කර තිබේ. 
මේ අතර මෙම ගැටලු‍ව සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශය දක්වන ප්‍රතිචාරය පිළිබඳව අප සංචාරක අමාත්‍යාංශයේ උපදේශකවරයකුගෙන් කළ විමසීමකට පිළිතුරු දුන් එම පුද්ගලයා, ප්‍රවාහන අමාත්‍යාංශය අදාළ කවුළුව විවෘත කිරීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශයේ කිසිදු පාර්ශ්වයක් දැනුවත්ව නොසිටි බව ප්‍රකාශ කළේය.
“මේ කවුළුව විවෘත කරලා තිබුණේ අමාත්‍යවරුන්, අමාත්‍යවරුන් අතර සිදු කළ අදහස් හුවමාරුවකින් කියන දේ තමයි අපිත් දන්නේ. ඊට පහළ සිටින කිසිදු අයකුගෙන් මේ ගැන විමසලා තිබුණේ නෑ. අපි කියන්නේ රියැදුරු බලපත්‍ර සඳහා මාසයකට අය කරන රුපියල් 2000 ගාස්තුව ඉතාමත් අඩුයි. එය අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. එහෙම නොවුණොත් සිද්ධ වෙන්නේ අසාධාරණයක්.” යනුවෙන් එම උපදේශකවරයා සඳහන් කළේය.
ප්‍රවාහන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පසුගිය අගෝස්තු 03 වැනිදා ආරම්භ වූ මෙම තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුලු‍ව හරහා යතුරු පැදි සහ සැහැල්ලු‍ වාහන සඳහා තාවකාලික රියැදුරු බලපත්‍ර 2,000කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කර ඇතැයිද වාර්තා පවසයි. 



අදහස් (0)

සංචාරකයන්ට රියැදුරැ බලපත්‍ර ලබාදීමෙන් සංචාරක රුකියා රුසක් අවදානමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site