2016 වසර තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම 14%කින් වැඩී වී ඇති අතර සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන දෙකක් ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
2016 වසරේ ලංකාවට වැඩිපුර පැමිණ ඇත්තේ බටහිර යුරෝපා රටවල් වලිනි.
එය 2015 වසරට වඩා 16.5%ක වැඩි වීමකි.2011 සිට සංචාරකයින්ගේ පැමිණීම වැඩි වී ඇති බවත් මෙය රටේ ආර්ථික වර්ධනයටද ඉවහල් වනු ඇති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් වෙන්න ඇති එන්න ඇත්තේ
පාකිස්තානෙනුයි, බංගලාදේශෙනුයි ලංකාවට ආ 18000ක් සංචාරක වීසා අරන් ඇවිත් ලංකාවේ රැකියා කරනවා. මේවාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද? (නි)
අනෙකුත් ආසියාතික සංචාරක කර්මාන්තය දියුණු සිංගප්පුරුව, බැංකොක්, හොංකොං, ජකර්තා හෝ චී මින් වැනි නගර වලට අඩු වියදම් ගුවන් සේවා ගුවන් ගමන් ඇති කරන්න. වක්‍රාකාර ආදායම් ගොඩක් ලංකාවට ලැබෙයි. (නි)
යුද්ධය නැති නිසා තමයි මෙහෙම සංචාරකයන් නිදහසේ අපේ රටට එන්න පටන් ගත්තේ. යුද්ධය ඉවර කිරීමට උර දුන් සියලු දෙනාට රත්නත්‍රයේ පිහිටයි (බ)
යුද්ධය නැති නිසා තමයි මෙහෙම සංචාරකයන් නිදහසේ අපේ රටට එන්න පටන් ගත්තේ. යුද්ධය ඉවර කිරීමට උර දුන් සියලු දෙනාට රත්නත්‍රයේ පිහිටයි.(බ)
ලංකාව ඇත්තටම ලස්සනරටක් නමුත් පොලිතින් සහ ප්ලාස්ටිස් වතුර බෝතල් නිසා රට වේගයෙන් අපිරිසිදු රටක් වීගන යනවා. බංගලිදේශයේ පවා පොලිතින් තහනම් . ලංකාවෙත් එහෙම කරන්න ජනාදිපති තුමනි . (අ)
ලංකාව ඇත්තටම ලස්සන රටක්. නමුත් පොලිතින් සහ ප්ලාස්ටිස් වතුර බෝතල් නිසා රට වේගයෙන් අපිරිසිදු රටක් වීගෙන යනවා. බංගලිදේශයේ පවා පොලිතින් තහනම්. ලංකාවෙත් එහෙම කරන්න ජනාධිපතිතුමනි (නි)
ප්රධාන සංචාරක ස්ථාන වන සිගිරිය ශ්‍රීපාදය වගේ තැන් සංචාරකයන්ට පහසු වෙන ආකාරයට සකස් කළ යුතුයි. නල්ලතන්නිය මඩ, දුවිලි වලින් පිරිලා. වැසිකිලි පහසුකම් අන්තිමයි. සිගිරියේත් එහෙම තමයි. මේවා ලොකු දේවල් නෙමෙයි කරනවානම්. (ම)
නාමල් ඔයා ඉන්නේ ලංකාවෙද ? ඉන්දියන් අය එන්නේ ටුවරිස්ට් වීසා වලින්. ඒත් කොළඹ රත්තරන් කඩවල රෙස්ටුරන්ට්වල ඕන තරම් වැඩකරනවා (බ)
කමල් සහ කුමාර, සංචාරක විසා වලින් වැඩකරන්න බැහැ. ඒකට වරක් විසා ඕනේ. මේ සංගණනයට අයිති සංචාරක විසා පමණයි. බාගෙට කියවන්න එපා. මේකේ කියල තියනවා මොන රටවල්ද කියල. (බ)
අපිට නම් සෑහීමකට පත්වෙන්න බැහැ (නි)
විදේශ විනිමය ඉපයිම මේ ණය පියවීමට හොඳ මාර්ගයක්. (ර)
කොළම වැඩකරන්න ඉන්දියාවෙන් එනවා (නි)
ලංකාවේ හෝටල් මිල වැඩියි. අනිත් රටවල මීටවැඩිය ගොඩක් අඩුයි. ඒ හින්දා කට්ටිය එනවා අඩුයි (නි)
නිමල් රැකියාවල් සොයාගෙන එන ඉන්දියානුවන්ගෙන් ණය පියවන්න පුලුවන්ද. ඒගොල්ලොත් මෙහාට එන්නේ සංචාරකයෝ හැටියට. (ර)
ගුවන් තොටුපොල ගාස්තු තව වැඩිකරන්න. එතකොට තව එයි සංචාරකයෝ. (නි)
ආගන්තුක සත්කාරය උපරිමයි කිව්වට සීගිරිය බලන්න එන විදේශිකයෙකුගෙන් අයකරන අති විශාල ගාන දැක්කම අදහා බෑ. (ර)
ආගන්තුක සත්කාරය උපරිමයි කිව්වට සීගිරිය බලන්න එන විදේශිකයෙකුගෙන් අයකරන අති විශාල ගාන දැක්කම පිස්සු හැදෙනවා. මෙහෙම කොල්ල කන්න හොඳ නැහැ.(හේ)
එහෙම නම් ගොඩක් සතුටුයි.(හේ)
එහෙනම් හොදයිනේ.(හේ)
මිලියන දෙකක් නොවේ හතරක් ගෙන්නගන්න පුළුවන් සාදාරන මිලකට හෝටල් කාමර තියනවානම්. ලංකාවේ හෝටල් කාමර ගොඩක් මිල වැඩියි. (ර)