(හර්ෂණ තුෂාර සිල්වා)
සංචාරක ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාගැනීම වේගවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමකට අද (15) අත්සන් තැබිණි.
එහිදි ශ්‍රී ලංකා සංවාරක සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති කාවන් රත්නායක හා නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ යන මහත්වරු අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.
සංචාරක ව්‍යාපෘති සහ ආයෝජනවලදී අදාළ ව්‍යාපෘතිවලට අනුමැතිය ලබාගැනීම කඩිනම් කිරීම මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ ප‍්‍රධාන අරමුණ වී තිබේ.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය මෙම කි‍්‍රයාවලියේදී තාක්ෂණික සහාය දක්වයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සිවු අවුරුදු සංචාරක ක‍්‍රමෝපාය සැලැස්ම සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය මෙරට ආයෝජන වැඩි කිරීමේ අරමුණින් දියත් කරන වැඩසටහනට සමගාමීව මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංචාරක සංවර්ධන අධිකාරිය-නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක්