(මහේෂ් කිර්තීරත්න)
මේ වසරේ අගොස්තු මාසය දක්වා විදේශ සංචාරකයින් ලක්ෂ 16කට ආසන්න පිරිසක් මෙරට සංචාරය සඳහා පැමිණ ඇති බව සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසිය.
සංචාරකයින් 1,582,835 ක් මෙරටට පැමිණ ඇති බවත් එය පසුගිය වසරට වඩා සියයට 12.8ක වර්ධනයක් වී බවයි.
දකුණු පළාතේ බෙන්තර, කොස්ගොඩ, හික්කඩුව, ගාල්ල, උණවටුන, මිරිස්ස, පොල්හේන, තංගල්ල, දකුණේ වෙරළ ආශ්‍රිතව හා ආරුගම්බේ, පාසිකුඩා, මහනුවර, දඹුල්ල, සිගිරිය, පොලොන්නරුව ආදි ප්‍රදේශවලට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන බවද අලුවිහාරේ මහතා පැවසීය.
යුරෝපා රටවල් ඇමරිකාව,සෞදි අරාබිය,මාලදිවයින ඇතුළු රටවල් වලින් මෙරට සංචාරය සඳහා වැඩි උනන්දුවක් දක්වන බවද අමාත්‍යවරයා පැවසීය.
2017 වසරේ සංචාරකයින් මෙරටට පැමිණීම තුළිත් ඩොලර් බිලියන 3.9ක ආදායමක් මෙරටට ආර්ථියට උපයා දීමට සංචාරක කර්මාන්තය සමත්ව තිබේ.
2025 දෙසැම්බර් මස 04
664
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
547
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
445
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංචාරක පැමිණීම ඉහළට
Kumar Friday, 05 October 2018 12:53 AM
ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය යන රටවල අය විසිට් වීසා අරගෙන ඇවිත් වැඩ කරනවා. එයාලා සංචාරකයන් වෙන්නේ කොහොමද?
Perakum Saturday, 06 October 2018 09:32 PM
සංචාරක ප්‍රවර්ධනයට රාජ්‍ය ආයතන කීයක් නම් තිබේද? ඒ කිසිවකින් සංචාරකයින්ගේ ආරක්ෂාවට හා පහසුවට කර ඇත්තේ කුමක්ද? ඔවුන්ගේ මුදල් සූරා කෑම පමණක් සිදුවේ. වෙනත් රටවල සංචාරක ආකර්ෂණයට කරන දේ අපමණයි.
himalSunday, 07 October 2018 07:43 AM
ඒක එහෙමම නෑ. තායිලන්තය වගේ රටක රජයේ නිලධාරීන් එක්ක වැඩ කරලා බලන්න වෙන රටකින් ආවා කිව්වම කොච්චර ප්‍රශ්න දානවාද කියලා. ඒ වුනාට මිනිස්සු පොර කාගෙන එහේ යනවා. මොකද ජනතාව හා ව්‍යාපාර දන්නවා සංචාරකයා ඇද ගන්න. මෙහි කට්ටිය හරි දක්ෂයි සුද්දන්ට මිරිස් කවන්නයි ගාණ වැඩි කරලා කියන්නයි.
PerakumMonday, 08 October 2018 02:07 AM
himal ඇත්තමද කියන්නේ? මෑතකදී මාත් මගේ බිරිඳත් දෙපාරක් තායිලන්තේ ගියා. එක වතාවකදිවත් රාජ්‍ය නිලධාරීන්ගෙන් අපට ප්‍රශ්න ඇති උනේ නෑ. ඇත්ත වශයෙන්ම ඔවුන් අපට අවශ්‍ය පරිදි සහයෝගය දුන්නා. එකම ප්‍රශ්නයක් ඇහුවා. ඇයි මේ දෙවතාවක් ළඟ ළඟම ආවේ කියලා. එච්චරයි. අපි ගියේ සංචාරකයින් හැටියට. ව්‍යාපාරික කටයුතු සඳහා නොවේ. ලංකාවෙ කට්ටිය හැම විටම බලන්නේ සංචාරකයින් හූරාකන්නයි.