(මහේෂ් කිර්තීරත්න)
මේ වසරේ අගොස්තු මාසය දක්වා විදේශ සංචාරකයින් ලක්ෂ 16කට ආසන්න පිරිසක් මෙරට සංචාරය සඳහා පැමිණ ඇති බව සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසිය.
සංචාරකයින් 1,582,835 ක් මෙරටට පැමිණ ඇති බවත් එය පසුගිය වසරට වඩා සියයට 12.8ක වර්ධනයක් වී බවයි.
දකුණු පළාතේ බෙන්තර, කොස්ගොඩ, හික්කඩුව, ගාල්ල, උණවටුන, මිරිස්ස, පොල්හේන, තංගල්ල, දකුණේ වෙරළ ආශ්‍රිතව හා ආරුගම්බේ, පාසිකුඩා, මහනුවර, දඹුල්ල, සිගිරිය, පොලොන්නරුව ආදි ප්‍රදේශවලට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන බවද අලුවිහාරේ මහතා පැවසීය.
යුරෝපා රටවල් ඇමරිකාව,සෞදි අරාබිය,මාලදිවයින ඇතුළු රටවල් වලින් මෙරට සංචාරය සඳහා වැඩි උනන්දුවක් දක්වන බවද අමාත්‍යවරයා පැවසීය.
2017 වසරේ සංචාරකයින් මෙරටට පැමිණීම තුළිත් ඩොලර් බිලියන 3.9ක ආදායමක් මෙරටට ආර්ථියට උපයා දීමට සංචාරක කර්මාන්තය සමත්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය යන රටවල අය විසිට් වීසා අරගෙන ඇවිත් වැඩ කරනවා. එයාලා සංචාරකයන් වෙන්නේ කොහොමද?
සංචාරක ප්‍රවර්ධනයට රාජ්‍ය ආයතන කීයක් නම් තිබේද? ඒ කිසිවකින් සංචාරකයින්ගේ ආරක්ෂාවට හා පහසුවට කර ඇත්තේ කුමක්ද? ඔවුන්ගේ මුදල් සූරා කෑම පමණක් සිදුවේ. වෙනත් රටවල සංචාරක ආකර්ෂණයට කරන දේ අපමණයි.