( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම පසුගිය මාසයේ දී සියයට 19.3 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව පෙබරවාරි මාසය තුළ දි සංචාරකයින් ලක්ෂ දෙකක් පමණ මෙරටට පැමිණ ඇති අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී මෙම වර්ධනය පෙන්නුම් කරන බවද එම අධිකාරිය විසින් මාසිකව නිකුත් කරන නවතම දත්ත වාර්තාවක සඳහන් වේ.
ඉකුත් පෙබරවාරි මාසය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් චීනයෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 36,000ක් පමණ වේ. ඉන්දීයානු සංචාරකයින් 32,000ක් ද බි‍්‍රතාන්‍ය සංචාරකයින් 23,000ක් ද එම කාලය තුළ පැමිණ ඇත.
මේ අතර ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් හාර ලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ දිවයිනට පැමිණ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රොටි ගිල ගිල වතුර ගහා ගහා පයින් ඇවිදින ඉන්දියන් සංචාරකයෝ.... සංචාරක විසා වලින් එන මලයාලි කට්ටඩියෝ, කම්කරුවෝ එහෙම තහනම් කරන්න විදිහක් නැද්ද. මොකෝ ඔය අල්ලපු රටෙන් ආපු සංචාරකයෝ කියල හිතන් ඉන්න ගොඩක් අය සංචාරකයෝ නොවේ.
අල්ලපු රටේ ඉඳන් චපාති බැග් මලුවල දමාගෙන ඇවිත් එව්වා කකා මෙහෙ රස්සාවකුත් කරලා යන කට්ටියත් ගණන්ගන්නේ සංචාරකයෝ හැටියට නේද?
සංචාරකයෝ ආවට වැඩක් නැහැ කන්නේ පෙට්ටි කඩෙන් යන්නේ බස් එකෙන් නම්. ඔලු ගෙඩි ගානෙන් ඔවා මනින්න එපා.
පෙට්ටි කඩෙන් කෑවත් මොකද ඒ වියදම ගෙවන්නෙත් ඔවුන්ගේ රටෙන් ගෙනෙන සල්ලි වලින්, රුපියලක දෙයක් හරි විකුණාගන්න පුළුවන් නම් එක හොඳ දෙයක්, ඒ සල්ලි ලැබෙන්නේ අපේ මිනිස්සුන්ට, දියුණු වෙන්නේ පුංචි ව්‍යාපාරිකයන්, ඔය එදා වේල ටුවරිස්ට් කිව්වට එක සැරයක් සංතෝසයෙන් ගතකලොත් තමන්ගේ රට ට ගිහින් ඒ අත්දැකීම් කියන නිසා තවත් සංචාරකයෝ එනවා, ඒ කියන්නේ අපට තියෙන හොඳම ව්‍යාපාර ප්‍රවර්ධන ක්‍රමය, කෝටි ගණන් විදේශ මාධ්‍ය වලට ගෙවල දැන්වීම් පලකරනවාට වඩා බොහොම ඵලදායකයි.
අපොයි ඉස්සරහට සංචාරකයෝ ගොඩක් ඒවි. හතර පාරක් ලංකාවට කෙනෙක් මගෙන් ඇහුවා මොකද්ද මේ ලංකාවේ මේ දවස් වල කලබලේ මීට පස්සේ නම් සංචාරයට එන්නේ නැහැ කියලා. එයාට ආරංචි වෙලා තියෙන්නේ වෙනත් ඕස්ට්‍රේලියා ජාතිකයෙකුගෙන්. දැන් රටේ තත්වය නොදන්නා කෙනෙක් නැහැ.