(බිඟුන් මේනක ගමගේ)
මෙම වසරේ පළමු මාස දහය ඇතුළත සංචාරක ක්‍ෂේත්‍රයේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2806 ක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව පසුගිය වසරේ එම කාලයේ දී ආදායම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 3538ට සාපේක්ෂව එහි ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක පමණ කඩාවැටීමක් වාර්තා වන්නේ යැයි ද මහ බැංකු වාර්තාවල සඳහන් වේ.
එංගලන්ත හා චීන සංචාරකයන්ගේ පැමිණීමෙහි විශාල අඩුවක් වාර්තා වී ඇතැයි ද එහි සඳහන් වේ.
මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන ආකාරයට පසුගිය වසරේදී මුල් මාස 11 ඇතුළත මෙරටට සංචාරකයන් විසි ලක්ෂය ඉක්මවා පැමිණ ඇතත් මෙම වසරේදී එම කාලයේදී වාර්තා වී ඇත්තේ දාසය ලක්ෂ හැත්තෑ දෙදහසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අර දෙවියන් ලඟට යන්න දඟලන කට්ටිය අාපහු අපරාධයක් කරේ නැත්නම්, මේ තත්වය ඉදිරියේදී දිගටම වර්ධනය වේවි... නමුත් අපේ හෝටල් කාරයින් වැඩි තණ්හාවට හෝටල්වල ගණන් ඉහළ දමන එක නවත්ත ගත්තේ... නැත්නම් අපිටත් දැන් ඩුබායිවලට වෙලා තියනදේ වෙන්න බැරි නැහැ.