( තිළිණි ද සිල්වා )
ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම අද (23) පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.
සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් මහතා අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමෙන් පසුව මෙම නිදහස් වෙළෙද ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයාව අද (23) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිල හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව පිළිගැනීමට නියමිතය.
එම සංචාරය අතර තුර දී සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරය මෙරට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී දෙරටේ ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට සුදානම් කර තිබේ.
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා හෙට (24) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd