සිංගප්පූරු විදේශ කටයුතු හා නීතිය පිළිබද අමාත්‍ය කේ.ෂන්මුගම් මහතා අද (23) දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
දිවයිනට පැමිණි පසු සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවද හමුවීමට නියමිතය.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හා විශේෂ හමුවකටත් ඔහු සහභාගීවනු ඇත.
ෂන්මුගම් මහතා සමග සිංගප්පූරුවේ කර්මාන්ත, අධ්‍යාපන හා ව්‍යාපාරික ක්ෂේත්‍ර නියෝජනය කරන දූත පිරිසක්ද පැමිණෙන බව සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් රටට අලුත් පාඩමක් කියාදෙන්න (නි)
ඔන්න දැනුයි ලෝකයේ ව්‍යාපාරික වශයෙන් වැදගත් කියන රටවල නායකයන් ලංකාවට එන්න යන්න පටන් අරන් තියෙන්නේ. ඉස්සර එහෙමද උගන්ඩාවේ, ස්වසිලන්තයේ, කෙන්යාවේ,සෝමාලියාවේ,ඉතියෝපියාවේ කට්ටියනේ ලංකාවට අාවේ. (නදී)
ඔන්න දැනුයි ලෝකයේ ව්‍යාපාරික වශයෙන් වැදගත් කියන රටවල නායකයන් ලංකාවට එන්න යන්න පටන් අරගෙන තියෙන්නේ. ඉස්සර එහෙමද? (නි)
ඊතා කෙටි කාලයකදී දියුණු වූ රටේ විදේශ නායකයෙක් සමග කතා කිරීමට හැකිවීමත් සතුටු විය යුතුයි.(හේ)
ඒ රටෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.(හේ)
අනිත් රටවල් සමග අත්වැල් බැදගෙන ඉදිරියට අප යා යුතුයි.(හේ)
ඉතා පරිස්සමෙන් කටයුතු කරන්න. සින්ගපොරේ මෙහෙට එන්නේ අපිට හොදකට නම් වෙන්න බැහැ. ඉන්දියාව සින්ගපොරේ එක්ක කටයුතු කරන ආකාරය කල්පනා කරන්න. (නදී)
හරියට ම හරි ලලිත්. බොහෝම පරිස්සමෙන්. සල්ලි වලට යටවුන රටවල්. (ර)