IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුඛෝපභෝගී අයිඩාස්ටෙලා නෞකාව පළමු වරට හම්බන්තොට ජාත්‍යන්තර වරායට

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), සිය නාවික සංචාරක මෙහෙයුම්හි සුවිශේෂී අදියරක් සනිටුහන් කරමින් පළමුවරට එහි පැමිණි අයිඩාස්ටෙලා (AIDAstella) නෞකාව පිළිගනු ලැබීය. වෙසක් සතිය තුළ HIP වෙත පැමිණි මෙම සුඛෝපභෝගී නෞකාව, අයිඩා සංචාරක සමාගමට (AIDA Cruises) අයත් ස්ෆින්ක්ස් නාමය යටතේ ශ්‍රේණිගත නැව් සමූහයේ හත්වැන්නයි. 
දිගින් මීටර් 253.26 ක් වන අයිඩාස්ටෙලා නෞකාව, මගීන් 2,000 ක් සහ 620 ක කාර්ය මණ්ඩලයක් රැගෙන මැලේසියාවේ සිට පැමිණ තිබේ. නෞකාවේ දේශීය නියෝජිතයන් වන ඒට්කන් ස්පෙන්ස් නැව් සමාගම විසින් එහි පළමු පැමිණීම සැලසුම් කර ඇති අතර, ලෝටස් ඩී.ඇම්.සී (Lotus DMC) ආයතනය විසින් මගීන් සඳහා ගොඩබිම විනෝද චාරිකා සංවිධානය කරන ලදී. යාල ජාතික වනෝද්‍යානය, ගාල්ලේ ඓතිහාසික බලකොටු නගරය සහ හම්බන්තොට ජනප්‍රිය කුරුලු‍ උද්‍යානය ඇතුළු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වඩාත් කැපී පෙනෙන ආකර්ෂණීය ස්ථාන කිහිපයක් මෙම විනෝද චාරිකාවට ඇතුළත් විය. අයිඩා සංචාරක සමාගමේ ගෝලීය නාවික සංචාරක පථයට අයත්, ඉතාලියේ ජෙනෝවා ධජය යටතේ යාත්‍රා කරන නෞකාව, එහි මීළඟ ගමනාන්තය වන මාලදිවයින වෙත පිටත්ව ගියේය. 
අයිඩාස්ටෙලා නෞකාවේ පැමිණීමHIP  සඳහා පමණක් නොව, සංචාරක ගමනාන්තයක් ලෙස වර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවටත් ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පවසයි. “අයිඩාස්ටෙලා නෞකාව, මෙම වසර තුළ HIP විසින් මෙහෙයවන ලද 9 වැනි සංචාරක නෞකාවයි. ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක පථය තුළ ආකර්ශනීය ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම සඳහා අපගේ ප්‍රයත්නයන් සාර්ථක වෙමින් පවතින බව අපට දැන් පෙනෙන්නට තිබෙනවා. විවිධ සංචාරක නැව් සමාගම් දක්වන උනන්දුව නිසා ඉදිරි සමය තුළ,  HIP වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාවේ තවත් සැලකිය යුතු ඉහළ යාමක් අප අපේක්ෂා කරනවා.”
ඒට්කන් ස්පෙන්ස් නැව් සමාගමේ සහකාර උප සභාපති බෙවින් මැක් මහතා පවසන්නේ, නෞකාවේ සංචාරය අයිඩාස්ටෙලා සමාගම ඔවුන්ගේ ඈත පෙරදිග සිට යුරෝපය දක්වා සමූද්‍ර මාර්ග නැවත ස්ථානගත කිරීමේ ක්‍රියාවලියට අයත් එක් අංගයක් බවයි. “ඔවුන් හම්බන්තොට වරාය තෝරා ගැනීමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි වැඩිවෙමින් පවතින පිළිගැනීමයි. ඔක්තෝබර් සිට අප්‍රේල් දක්වා සාම්ප්‍රදායික නෞකා සමයෙන් බැහැර මෙම පැමිණීම, සංචාරක නැව් සමාගමේ වසර පුරා ගමන් සඳහා HIP  ඒකාබද්ධ කළ හැකි බවට ප්‍රබල සංඥාවක්. මේ සියල්ල මගී ප්‍රතිචාර මත රඳාපැවතුනද, මෙය ඉතා ප්‍රත්‍යක්ෂ ඉදිරි පියවරක්.” 



අදහස් (0)

සුඛෝපභෝගී අයිඩාස්ටෙලා නෞකාව පළමු වරට හම්බන්තොට ජාත්‍යන්තර වරායට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site