ශෂිකා අබේරත්න
ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 7 කට පසු ලබාගත් මුල්ම Wide-body වර්ගයේ ගුවන් යානය ඊයේ මෙරටට ළඟාවිය. Airbus A330-200 Wde-body ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙසේ මෙරටට ළඟා විය. 4R-ALT ලියාපදිංචි අංකය දරන මෙම ගුවන්යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්වීමට පෙර කොළඹ සහ කටුනායක ප්‍රදේශ හරහා අඩි 1500ක් පහතින් පියාසර කළේය. මෙම ගුවන් යානයත් සමග ශ්‍රීලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව 23 ක් බවට පත් වී ඇත.
මෙම ගුවන් යානයේ මගී ආසන සියල්ලටම රැහැන් රහිත විනෝදාස්වාද පහසුකම් සමග USB charging ports ලබා දී තිබේ. Rolls-Royce Trent 700 එන්ජින් දෙකකින් බලගැන්වෙන මෙම ගුවන් යානය Business Class ආසන 18 කින් සහ Economy Class ආසන 242 කින් සමන්විත වේ. දිගු දුර ගමන් සහ කෙටි දුර ගමන් යන දෙවර්ගයටම අයත් ගුවන් ගමන් සඳහා මෙම යානය යොදවනු ලබයි. මෙම නව ගුවන් යානයත් සමග ශ්‍රීලංකන් ගුවන් සේවය සතු Wide-body ගුවන් යානා සංඛ්‍යාව 10 ක් බවට පත් වී තිබේ. ඊට අමතරව Narrow-body ගුවන් යානා 13 ක්ද ශ්‍රීලංකන් ගුවන් සේවය සතුය. මේ වන විට ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින අතර, එම ඉල්ලුමට සාපේක්ෂව තම සේවා පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. ගුවන් යානා සංඛ්‍යාව වැඩි වීමෙන් විශේෂයෙන්ම දිගු දුර ගුවන් ගමන් ඇතුළුව සමස්තයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම හා පහසු වනු ඇත.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ මහතා මෙම අවස්ථාවට එක්වෙමින් මෙසේ පැවසීය.
“මෙය ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් මෙන්ම ගුවන් යානා එකතුව සම්බන්ධ දීර්ඝකාලීන ක්‍රමෝපායෙහි නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරනවා. මෙමගින් අපගේ සේවා සඳහා ක්‍රමයෙන් වර්ධනය වන ඉල්ලුම සපුරාලීමට මෙන්ම සංචාරක කර්මාන්තයේ ජාතික මට්ටමේ ඉලක්ක ළඟා කරගැනීමට වැඩි දායකත්වයක් ලබාදීමට අපට හැකි වේවි. ශ්‍රී ලංකාව ඉහළම තලයේ සංචාරක ගමනාන්තයක් ලෙස ජනප්‍රිය වෙමින් පවතින මේ මොහොතේ, ජාත්‍යන්තර සංචාරකයන් ශ්‍රී ලංකාව සමග සම්බන්ධ කිරීම සඳහා මෙම ගුවන් යානය මගින් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු වේවි.”
ශ්‍රීලංකන් ගුවන් සේවයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී යසන්ත දිසානායක මහතා මෙම අවස්ථාවට එක්වෙමින් මෙසේ පැවසීය.
“Wide-body ගුවන් යානයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා එකතුවට අලුතින් එක්වන්නේ වසර 7 කට පසුවයි. මෙමගින් අපට දැනට පියාසර කරන රටවල් වෙත ක්‍රියාත්මක වන සේවා පුළුල් කිරීමටත්, වඩාත් හොඳ සම්බන්ධතාවක් සමග නව සෘජු ගුවන් ගමන් වාර හඳුන්වා දීමටත්, අපගේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන හැකියාව වැඩිදියුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයට අත්වැලක් වීමටත් හැකි වේවි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රීලංකන් වසර 7 කට පසු ලබාගත් මුල්ම Wide-body වර්ගයේ ගුවන් යානය කටුනායකට