IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් මෙරට සංචාරක නියෝජිතයන්ට තෙලංගාන සවාරියක්

 

ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා තෙලංගාන සංචාරක දෙපාර්තමේන්තුව (Telangana Tourism) සමග එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සංචාරක සේවා සමාගම් නියෝජිතයන් ඇතුළු 14 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකට තෙලංගාන ප්‍රාන්තය දැකබලා ගැනීමට විශේෂ අවස්ථාවක් උදා කර දුන්නේය. 

මෙහිදී එම කණ්ඩායමට සංචාරක මගපෙන්වන්නකුගේ සහයද සමගින් තෙලංගාන ප්‍රාන්තයේ බෞද්ධ සිද්ධස්ථාන ඇතුළුව ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කමින් යුත් ස්ථාන රැසක් දැකබලා ගැනීමට අවස්ථාව ලැබිණි. ලොව විශාලතම බෞද්ධ සංස්කෘතික උද්‍යානය ලෙස සැලකෙන බුද්ධවානම් ව්‍යාපෘතිය මෙන්ම යුනෙස්කෝ උරුම ලෙස නම් කර ඇති නාගර්ජුන කොණ්ඩ සහ රාමප්පා සිද්ධස්ථාන ඇතුළු සුවිශේෂී ස්ථාන රැසක් මෙම සංචාරයට ඇතුළත් විය. 

ඊට අමතරව පනිගිරි ප්‍රදේශයේ නීලකොන්ඩපල්ලි, කාකටිය රාජවංශය විසින් ඉදිකරන ලද වරංගල් කොටුව සහ ලක්නවරම් දූපත් දැකබලා ගැනීමටද කණ්ඩායමට අවස්ථාව උදා විය. සංචාරය අවසානයේදී ‘Wonderla Adventure Park’ වෙත ගොස් සිත් සේ විනෝද වීමටත්, හයිද්‍රාබාද් නගරයේ සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන රැසක් දැකබලා ගැනීමටත්, සාප්පු සවාරියේ යෙදීමටත් ඔවුන්ට අවස්ථාව සලසා දෙන ලදි. ශ්‍රීලංකන් ගුවන් සේවය සහ තෙලංගාන සංචාරක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ තෙලංගාන ප්‍රාන්තය අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් වැදගත් පියවරකි. 



අදහස් (0)

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් මෙරට සංචාරක නියෝජිතයන්ට තෙලංගාන සවාරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site