ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලය යන රටවල බැංකුවකට හෝ පදිංචි පුද්ගලයකුට ඉන්දියානු රුපියල්වලින් ණය දීමට ඉන්දියානු සංචිත බැංකුව විසින් එරට ක්‍රියාත්මක බැංකු වෙත අවසර ලබා දීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.
මෙහිදී ඉන්දියාවේ, 2018 වසරේ විදේශ විනිමය කළමනාකරණ රෙගුලාසි සංශෝධනය කරමින්, ඉන්දියානු සංචිත බැංකුව විසින් අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ සංශෝධනය අනුව ඉන්දියානු බැංකුවලට මෙන්ම ඒවායේ විදේශීය ශාඛාවලටද ශ්‍රී ලංකාවේ, නේපාලයේ හෝ භූතානයේ පදිංචි පුද්ගලයකුට ඉන්දියානු රුපියල්වලින් ණය ලබාදීමේ හැකියාව පවතී. ඉන්දියාව කලාපීය රටවල් සමගින් කරන ගනුදෙනු ඉන්දියානු රුපියල් මගින් සිදු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd