( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ කුළුබඩු නිෂ්පාදන වර්ග පිළිබඳව අත්හදා බලන්නැයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මහතා එරට ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ “තුර්කි-ශ්‍රී ලංකා ව්‍යාපාරික සභාව” සමඟ එක්ව පැවැත්වූ කුළුබඩු අංශය පිළිබඳ තොරතුරු හුවමාරු කිරීමේ ව්‍යාපාරික අන්තර්ජාල සැසියකදී තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මහතා විසින් මෙම ආරාධනාව කළේය.
“තුර්කි - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ” සාමාජික, නෙව්සෙහිර් සඳහා නිර්වේතනික ශ්‍රී ලංකා කොන්සල් සහ සහ ලංකා බැලොනිං (පුද්) සමාගමේ සභාපති මහමුත් උලුවර් මහතා මෙම සැසිවාරයට එක්වෙමින් මෙහදී ශ්‍රී ලංකාවේ සිය අත්දැකීම් බෙදාහදා ගත් අතර, ලංකා කුළුබඩුවල විශේෂත්වය පිළිබඳව විස්තර කළේය.
තුර්කි කුළුබඩු ඇසුරුම්කරුවන්ගේ සංගමයේ සභාපති මුස්තාපා අයිඩාන් අකුන් මහතා සැසිවාරය අතරතුරදී අදහස් දක්වමින්, දෙරට අතර වෙළඳාම පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා සමාගම් සහ ශ්‍රී ලංකා සංගම් සමඟ එක්ව කටයුතු කිරීම සඳහා දක්වන උනන්දුව පිළිබඳව පැවසීය. මෙම සැසිය අතරතුර දී, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලාංකික කර්මාන්ත නියෝජිතයන් වන, ඉන්ටර්නැෂනල් කොමෝඩිටි ට්‍රේඩර්ස්/සිල්වර්මිල්ස් සමූහය (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ නන්ද කොහොන මහතා, එච්ඩීඩීඊඑස් එක්ස්ට්‍රෑක්ට්ස් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ ගෙහාන් ද සිල්වා මහතා සහ සීමාසහිත ඉම්පීරියල් ස්පයිසස් (පුද්.) සමාගමේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ රූමේෂ් ජයසූරිය මහතා විසින් ලංකාවේ කුළුබඩු පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවෙ කුලුබඩු වගාවෙදී.... ශ්‍රමය සහ වෙනත් අවශ්‍යතාවල මිල අධික නිසා සහ පැරැණි වගා ක්‍රම නිසා කලාපයේ අනෙක් රටවල කෘෂි නිෂ්පාදන සමග තරගයක් දෙන්න අපේ කුළු බඩුවලට බැහැ. අපේ රට පරිභෝජනයට අවශ්‍ය කහ ටිකවත්අපේ රටෙ නැහැ. කොත්තමල්ලි ගෙන්වන්නේ යුක්රෙනයෙන්... ඉතින් අපි කොහොමද කුලුබඩු පිටරට යවන්නේ?