IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව - ඔස්ට්‍රේලියාව අතර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමට අත්සන්

  • ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය ඇ.ඩො.මි.39 ක්

භානුක අමරසිංහ

ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීමක් සිදු වුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි. 

ඊයේ (27) මුදල් අමාත්‍යාංශයේදී සිදු වූ මෙම ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවේදී, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුම් වලට අත්සන් කිරීම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් සිදු කර තිබේ.

එසේම එම ගිවිසුම් හුවමාරු කරගැනීම ආචාර්ය සූරියප්පෙරුම මහතා සහ ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් තනතුරෙහි දිවුරුම් දීමට නියමිත, මැතිව් ඩක්වර්ත් මහතා අතර සිදුව තිබේ.

මෙතෙක් පැවැත් වූ ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡා හරහා, ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ණය සහන ලබා දීමට එකඟ වී ඇතැයිද අමාත්‍යාංශය පවසයි. එසේම මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය ආසන්න වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 39 ක් පමණ වන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

 



අදහස් (0)

ශ්‍රී ලංකාව - ඔස්ට්‍රේලියාව අතර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමට අත්සන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site