IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාව-ඉන්දියාව අතර යළි ගුවන් ගමන් අරඹන්න යයි

(තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව යලි ගුවන් ගමන් ඇරඹීමට සැලැසුම් කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (10) පැවසීය.

මේ සම්බන්ධයෙන් මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් විදේශ කටයුතු අමාත්‍යංශයට හා සංචාරක අමාත්‍යංශයට අදාල යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව දෙරට අතර ගුවන් ගමන් සංචාරක  බුබුළක් ලෙස ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇතැයි ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙරට සෞඛ්‍ය අංශ හා ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ක්‍රියාත්මක කිරීම කෙරෙහි දෙරටේම අවධානය යොමුව ඇතැයි හෙතෙම වැඩිදුරටත් කීයා සිටියේය.

ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය මේ වන විට එරටට පැමිණිය හැකි හා එරටින් පිටව යා හැකි ගුවන් මගීන් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එකඟතාව පල කරන්නේ නම් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ හැකි බව ඉන්දීය මහ කොමසාරිස්වරයා රජයට යෝජනා කර ඇතැයි සංචාරක අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මෙම යෝජනාව සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය බලධාරීන් හා කොව්ඩ් 19 පාලනය කිරීමේ කමිටුව සමගද කඩිනමින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.



අදහස් (0)

ශ්‍රී ලංකාව-ඉන්දියාව අතර යළි ගුවන් ගමන් අරඹන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 622 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1032 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site